ඉතිහාසය පුනරාවර්තනය වීම විගඩමක් බව මාක්ස් කියුවේ ය. වෙසක් නාට්ටි පිටපතකට වඩා බාල ශ්‍රී ලංකා පොලිසියේ ආයුද පෙන්වන්න ගොස් වෙඩි කා නැසෙන සැකකරුවන්ගේ නාට්‍ය පිටපත නැවත ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ පුනරාවර්තනය වෙද්දී එය දෙවරක් විගඩමකි.
මේ ගැන මොන තරම් අප ලියා, කියා, උද්ඝෝෂණවල යෙදී තිබේ. අඩු ම තරමේ පිටපත වෙනස් කරන්නට තරමටවත් ශ්‍රී ලංකා පොලිසියට ගාණක් නැත්තේ උන්ට එය ඒ තරම් නොවටිනා වැඩක් නිසා ය.
පෙරේදා (21) සිදුවීමේ වීඩියෝ දුටු ඕනෑම අයෙකුට වටහා ගැනීමට හැකි දෙයක් වන්නේ, සැකකරුවන්ට පොලිස් ගිනි අවියක් උදුරා ගැනීමට තියා කෙළින් කටින් ඉන්නට පණක් වත් නොවූ බවයි.
අනෙක් අතට සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ වගකීම ඇත්තේ රාජ්‍යයටය. ඍජුව අදාළ පොලිසියේ ස්ථානාධිපතිට ය. එසේ ම සැකකරු ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දුන් මාර්ගෝපදේශ ද තිබේ. මේ කිසිවක් තුට්ටුවකට මායිම් කෙරෙන්නේ නැත.
මෙම සිදුවීමේදී මෙම ඝාතනයන් නිසා රහස් වැළලී යන බව බොහෝ දෙනාට ප්‍රධාන විෂය වුවද අපේ කල්පනාව නම් අධිකරණය ඉදිරියේ යුක්තිය පසිඳලීමකින් තොරව පොලිස් මෘගයන් නීතිය අතට ගැනීම ගැන වඩා වද විය යුතු බවයි.
කතාවේ හැටියට පහර කා බෙලහීනව සිටි සැකකරුවෝ කාක දූවේදී කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අවිය උදුරාගැනීමට තැත් කර තිබේ.
මෙය ඇත්ත නම් මේ සා දුබල පොලිසියක් මහජන බදු මුදලින් වැටුප් ලැබිය යුතු ද? මග මළ කජ්ජාත් රුපියල් 4,000කට මිලට ගත් මාංචු කොටහේන පොලිසිය සතුව නැති ද?
සිදුවීම් සිදුවන්නේ මේ සා ලජ්ජාවිරහිත ලෙස නම් ආණ්ඩුවට අබ සරණ ය.!
~ සඳුන් ප්‍රියංකර විතානගේ
