ඝාතන රැල්ල අස්සේ නාමල් රාජපක්ෂත් ළඟදීම අත් අඩංගුවට ගනියිද ?

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ පැතිරෙන ඝාතන රැල්ල සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ බෝලය පාස්කිරීමේ න්‍යාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ආණ්ඩුව මේකත් පහුගිය ආණ්ඩුවටයි රාජපක්ෂවරුන්ටයි විපක්ෂයටයි චෝදනා නොකර මේක මර්දනය කරන්න විසඳුමක් ලබාදෙන්න කටයුතු කළොත් හොඳයි. බෝලෙ පාස් කිරීමේ න්‍යාය තමයි ආණ්ඩුව අනුගමනය කරන්නෙ. ඉතින් අපි දැක්කා අමාත්‍යවරයෙක් අධිකරණයෙන් එළියට බැහැලා පාර පුරා දුවනවා වාහනේ හොයාගෙන. එතනම එතුමාගේ මුහුණෙන් පෙනුනා කොතරම් බයෙන්ද එතුමා ඉන්නෙ කියලා. එතුමාත් නීතීඥවරයෙක් විදියටත් බයෙන් නම් තමන්ගෙ රියදුරා පස්සෙ දුවන්නෙ, මේ රටේ සාමාන්‍ය ජනතාවට මෙවැනි සිදුවීමක් වාර්තා වුණාම කෙතරම් කම්පනයක් ඇතිවෙනවාද කියලා අපට හිතාගන්න පුළුවන්. තව ටික දවසක් යනකොට මාව අත් අඩංගුවට ගත්තොත් පුදුම වෙන්න එපා, ගත්තෙ නැත්නම් තමයි ඔබට පුදුම වෙන්න වෙන්නෙ. මොකද ඒක පිට දාලාහරි මේක යටගහගන්න පුළුවන්. මාව අත් අඩංගුවට අරගෙන මේ ඝාතන රැල්ලේ මනස ජනතාවගෙන් අයින් කරගන්න එක විතරයි ආණ්ඩුවට තියෙන්නෙ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 22) කළුතර බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...