මාළිමාවේ බොල්ෂෙවික් ගතිකයෝ ….

Date:

මීට දින කිහිපයකට පෙර පැවති රූපවාහිනී දේශපාලන සංවාදයකදී ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ඇසූ ප්‍රශ්ණයකට ජා.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි මහත්මිය “මම මොකටද ඔබට උතුර දෙන්නෙ ?” යනුවෙන් පවසා අවසානයේ උත්තර නොදෙනම බව පැවසුවාය..

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුල ආන්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද විශාල කාර්‍ය්බාරයක් තිබේ.. එකී විපක්ෂයේ කාර්‍ය්බාරයේ ප්‍රධානම කොටස වන්නේ ආන්ඩුවේ අනපනත් සහ ආර්ථික වැඩපිලිවෙලේ අහුමුළු ප්‍රශ්න කරමින් ඒවා ජනතාවට දැනගැනීමට සැලස්වීමයි.. එකී සංවාදය තුල අජිත් පී පෙරේරා ඇසූ ප්‍රශ්නයද ඊට අදාලය..

කොමිනිස්ට් පක්ෂ ආකෘතියට අනුව නම් ඔවුන් රට පාලනය කරන්නේ තමාගේ තනි අබිමතයට අනුව යන ආඥාදායක පාලනයක ව්‍යුහයක්ට අනුවය.. එහිදී ඔවුන් විපක්ෂවල අබිමතය සහ ජනතා අබිමතය තඹේකට මායිම් නොකරනවා පමණක් නොව ඒවා මර්ධනයද කරයි..

මෙහිදී යම් දේශපාලන විවාදයකට සහබාගීවන ජ.වි.පෙ. සාමාජිකයෙකුගේ අතින් විපක්ෂ මන්ත්‍රීව‍රයෙක්ව එසේ උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කිරීමකට ලක් උනි නම් එය ජ.වි.පෙ. කොමිනිස්ට් ගතිකයේ බලපෑම නිසා සිදුවූවක් ලෙස අපට සිතිය හැක…

එසේ නම් මාළිමාව හරහා ජ.වි.පෙ.ට මෑතකදී සම්බන්ද වූ ලක්මාලි මන්ත්‍රීවරියගේ මෙවන් හැසිරීමකට හේතුවූයේ කුමක්ද..?

මෙය ජ.වි.පෙ. කොමිනිස්ට් ගතිකය ඇයට ආරෝපණය වීම නිසා සිදුවූවක් ලෙස අපට සිතිය හැකියි..

එයට හේතුව ජ.වි.පෙ.ට මාළිමාව හරහා සම්බන්ද වූ බොහෝ දෙනෙකුට ජ.වි.පෙ.ට සම්බන්ධ වීමට පෙර ඔවුන්ගේම කියා ලිබරල් හෝ වෙන කුමනහෝ ප්‍රශස්ථ දේශපාලන සාරයක් ඔවුන් සතුව නොතිබීමයි..

මීට පෙර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ මිවින් පිටවූ “ආයේ දෙන්නෙ නෑ පුතේ” යන ප්‍රකාශයද අපට විග්‍රහ කිරගැනීමට වන්නේද මේ සන්දර්භය තුල තබාය..

එසේම පාර්ලිමේන්තු විවාදවලදී විපක්ෂය අසන ප්‍රශ්න සම්බන්දව ආන්ඩුවේ ඇමතිවරුවරුන්ගේ ද්වේශසහගත ප්‍රතික්ෂේප කිරීමේ මූලය ඇත්තේද පෙරකී ජ.වි.පෙ. අභ්‍යන්තර කොමිනිස්ට් පක්ෂයේ බොල්ෂෙවික් ගතිකය තුලය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...