අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීමට පියවර …

Date:

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීම, ඒ යටතේ සිදුකිරීමට නියමිත බවයි .

ඒ අනුව අදාළ අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව පවසයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ වනජිවි කලාප මට්ටමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබෙන අතර ,මේ වසර තුළ දී අදාළ වැඩසටහන යටතේ අලිමංකඩ කිහිපයක් වන අලින් සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද
මේ අතර පසුගිය වසර තුළ දී පමණ අලි මිනිස් ගැටුම් හේතුවෙන් වනඅලි 439 දෙනෙකු මියගොස් ඇති අතර වන අලි පහරදීමෙන් පුද්ගලයින් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ සියල්ලටම විසඳුමක් ලෙස නව වැඩකටයුතු ක්‍රියාවට නංවා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...