ටොංගෝ සන්නිවේදනය යථා තත්ත්වයට

Date:

පසුගිය ජනවාරි 15 දින කුඩා පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොංගෝ හි දිය යට ගිනිකඳු පිපිරීමක් සිදුවී ඉකුත් සති පහකට පසු එරට ලෝකයේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන සබ්මැරීන් අන්තර්ජාල කේබලය මේ වන විට අලුත්වැඩියා කර ඇත.

පිපිරීමෙන් ඇති වූ සුනාමියෙන්, පුද්ගලයන් තිදෙනෙකු මිය ගිය අතර නිවාස සිය ගණනකට හානි විය.

එම තත්වයෙන් පසූ දිය යට කේබලය විසන්ධි වීම නිසා රට ගෝලීය ප්‍රවේශයෙන් කපා හැරුණි.අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කෙරිනි.

සීමිත සන්නිවේදන සම්බන්ධතා පමණක් ක්‍රියාත්මක විය.පිපිරීමෙන් සතියකට පමණ පසු ආධාර සහ අනෙකුත් සැපයුම් දූපත් වෙත පැමිණීමට පටන් ගත් බැවින් වේගවත් සන්නිවේදන සම්බන්ධතාවයක් සිදු නොවිනි.

තොරතුරු හුවමාරු කරගැනිමට නොහැකි විය.ටොංගා සිට ෆීජි වෙත සම්බන්ධ කරන කිලෝමීටර් 840 (සැතපුම් 520) මුහුද යට කේබලය එරට ප්‍රදාන අන්තර්ජාල මූලාශ්‍රය විය.

පසුගිය අඟහරුවාදා පස්වරුවේ, දිවයිනේ ප්‍රධාන විදුලි සංදේශ සේවා සපයන්නන් වන Digicel සහ TCC ආයාතන ප්‍රධාන දූපත් වෙත අන්තර්ජාලය ප්‍රදානය කර ඇති බව තහවුරු කළහ.

මෙම පිපිරීමෙන් අන්තර්ජාල මාර්ගයන් කිලෝමීටර් 80 ක කොටසකට හානි වී කැඩී ගියේය. එය අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයක් ගත විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...