ටොංගෝ සන්නිවේදනය යථා තත්ත්වයට

Date:

පසුගිය ජනවාරි 15 දින කුඩා පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොංගෝ හි දිය යට ගිනිකඳු පිපිරීමක් සිදුවී ඉකුත් සති පහකට පසු එරට ලෝකයේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන සබ්මැරීන් අන්තර්ජාල කේබලය මේ වන විට අලුත්වැඩියා කර ඇත.

පිපිරීමෙන් ඇති වූ සුනාමියෙන්, පුද්ගලයන් තිදෙනෙකු මිය ගිය අතර නිවාස සිය ගණනකට හානි විය.

එම තත්වයෙන් පසූ දිය යට කේබලය විසන්ධි වීම නිසා රට ගෝලීය ප්‍රවේශයෙන් කපා හැරුණි.අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කෙරිනි.

සීමිත සන්නිවේදන සම්බන්ධතා පමණක් ක්‍රියාත්මක විය.පිපිරීමෙන් සතියකට පමණ පසු ආධාර සහ අනෙකුත් සැපයුම් දූපත් වෙත පැමිණීමට පටන් ගත් බැවින් වේගවත් සන්නිවේදන සම්බන්ධතාවයක් සිදු නොවිනි.

තොරතුරු හුවමාරු කරගැනිමට නොහැකි විය.ටොංගා සිට ෆීජි වෙත සම්බන්ධ කරන කිලෝමීටර් 840 (සැතපුම් 520) මුහුද යට කේබලය එරට ප්‍රදාන අන්තර්ජාල මූලාශ්‍රය විය.

පසුගිය අඟහරුවාදා පස්වරුවේ, දිවයිනේ ප්‍රධාන විදුලි සංදේශ සේවා සපයන්නන් වන Digicel සහ TCC ආයාතන ප්‍රධාන දූපත් වෙත අන්තර්ජාලය ප්‍රදානය කර ඇති බව තහවුරු කළහ.

මෙම පිපිරීමෙන් අන්තර්ජාල මාර්ගයන් කිලෝමීටර් 80 ක කොටසකට හානි වී කැඩී ගියේය. එය අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයක් ගත විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...