ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)

Date:

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

සැබෑ ලෙසම ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නැද්ද? නැත්නම් මිල වැඩි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්ධන නොමැති ලෙස හැසිරෙනවාද යන්න පිළිබඳ පරීක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ දිනයේද පිරවුම් අසල පෝලිම් තිබුණ අතර එම සියලු දෙනාටම ඉන්ධන නිකුත් කර ඇති තත්ත්වයක ඉන්ධන හිඟයක් දැනට නොමැති බව කිව හැකි බව අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඉන්ධන අවශ්‍ය පරිදි ගෙන්වීම හැර විකල්පයක් නොමැති බවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය රට තුළ පවත්වාගෙන යාමට රජයට වගකීමක් ඇති බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරයා අද (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...