Wednesday, March 22, 2023
spot_img

Latest Posts

හඬනු මැන නිදහස : සුනිල් මාධව සමුගනී !!

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරයා ඊයේ (23) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 77 වැනි වියේ පසුවිය.

ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සුනිල් මාධව දිවයින පුවත්පතේ ආරම්භයත් සමග ඊයෙ එක්විය. වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිතව මාධ්‍යකරණයේ නියැළුණු ඔහු තරුණ අරගලකාරීන් වෙනුවෙන් පෙනී සිටියේය. වාමාංශික හෘදසාක්ෂිය වෙනුවෙන්, මානුෂිකත්වය වෙනුවෙන් පෙනී සිටියේය. දිවයිනේ අටවැනි පිටුව එහි සලකුණ විය.

විකල්ප පුවත්පත් සඳහා පුරෝගාමිකයකු වෙමින් ඔහු ලක්මිණ, ලක්දිව, හිරු පුවත්පත් සඳහා සිය දායකත්වය ලබාදුන්නේ එවකට පැවති මරණීය තර්ජන පවා තඹයකට නොතකා හරිමිනි.

ඔහු ලියූ කෘති අතරින් “සත්‍යවාදියෙකුගේ දිනපොත” අතිශයින් ජනප්‍රිය වූ අතර “හඬනු මැන නිදහස” නම් පරිවර්තන කෘතිය ද මහත් ජනාදරයට ලක්විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති බවයි පවුලේ ඥාතියකු සඳහන් කළේ.

සුබ ගමන් සුනිල් අයියේ …, ඔබ සදාකල් අපේ හදවත් තුළ ජීවමානව හිඳිනු ඇත ….

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.