*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අර්ජුන,වනිඳු,ඩෙයාර් සහ හැනිබල් සමානයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 23 කොළඹ (LNW): ඉතිහාසය නැවත නැවත එකම ආකාරයේ දේ සිඳු කරයි.ඒවා අපිට ඇති සමීපත්වය සමඟ වීර හෝ ද්‍රෝහී වෙනවා මිස තීරණය සිඳුවීමට සමාන ප්‍රතිචාරයක් ලෙස දැක්වෙන්නේ නැත.මීට වසර 28 ට පමණ ඉහත දී අර්ජුන රණතුංග සහ ඩැරල් හෙයාර් සිඳුවීමේදී අර්ජුනගේ හැසිරීම ක්‍රීඩකයෙකුට අනුචිත බවත්,ඒ ඔහු නායකත්වය ඉක්මවා කණ්ඩායම තුළ පමණක් නොව සමස්ත ලාංකේය ක්‍රිකට් තුළම ගොඬ නඟාගෙන තිබෙන ආධිපත්‍යය ප්‍රකාශ වීමක් ලෙසත් රාවය පුවත්පත පමණක් විවේචනයට භාජනය කළ අතර අන් බොහෝ මාධ්‍යයට අර්ජුන වීරයෙක් විය.එසේම ක්‍රීඩා පිටිය තුළ එම හැසිරීම ගැන විවේචනයට ලක් කරන අතරේම රාවය විනිසුරුවන්ගේ පක්ෂග්‍රාහී හැසිරීම් නිසා රටක් හැටියට ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වීම් දිගින් දිගටම සිඳුවන ඉතිහාසයක රාවය එය වාර්තා කළේ ක්‍රිකට්වලට එරෙහි දබරැඟිළි හැකිලිය යුතු බව කියමින්ය.


විනිසුරුවා සම්බන්ධයෙන් සමාජමය කියවීම සහ විනිසුරුවා සහ ක්‍රිඩකයා අතර තිබිය යුතු විනයානුකූල බැදීම දෙකකි.ක්‍රීඩා පිටියෙන් පිටතදී අදහස් දැක්වීම සහ ක්‍රීඩා තරගය තුළ අදහස් දැක්වීම යන්න කාරණා දෙකක්ය.තාක්ෂණිකව විනිසුරුවාට උපකාර කර ගත හැකි මාර්ග විවර වන්නේම ඔහු වැරදීම් සහගත තීරණ ලබා දිය හැකි,සාමාන්‍ය මනුස්සයෙක් වන බැවිනි.ඒ නිසා තරගයේ ජීව ගුණය රැක ගැනීමට එවැනි මිනිස් අතපසුවීම්වලින් නිදහස් වන්නට සහ විනිසුුරු වෘත්තීයේ ඇති අපක්ෂපාතීත්වය සහ ගෞරවය රැක ගැනීමට පහසු කරන අන්දමේ තාක්ෂණික මෙවලම් ඔවුන්ට ලැබුණා මිස,තාක්ෂණය විනිසුරුවරයාව යටත් කර ගැනීමක් හෝ ඔහු අපහාසයට ලක් කර මදි පුංචිකමක් ඇති කිරීමක් තාක්ෂණයෙන් සිඳුවන්නේ නැත.
ඒ නිසා විනිසුරුට සිය ගෞරවයට සහ විශ්වාසයට යම් කැළලක් සිඳුවිය හැකි බවට සැකයක් ඇති වන්නේනම් පිහිටට ගත හැකි තාක්ෂණය උපකාරි නොගෙන,විනිසුරු භූමිකාවෙන් හිස උදුම්මාගෙන නොසැලී සිටීම යනු රෙදි ගැලවෙන වැඩක් විය හැකිය.විරාට් කෝලි ඒ ආකාරයට නිපන්දුවක් සටන් කර ලබා ගත් අවස්ථාවක් අපේ මතකයේ ඇත.ඒ පූර්වාදර්ශය මත පිහිටා ලෙන්ඩ්ල් හැනිබල් විනිසුරුට නිපන්දුව සම්බන්ධයෙන් තෙවන විනිසුරු විමසීමට තිබුණු ඉඩ භාවිතා නොකිරීම ගැන ඔහුගේ පැත්තෙන් පැවසිය හැකි සාධාරණම හේතුව “විනිසුරුවරයාගේ තීරණය අවසාන තීරණය” යන්න පමණය.ඒ හැරෙන්නට ඔහු ගත් තීරණය මේ වන විට වැරදි බව බොහෝ දෙනෙක්ට පැහැදිළිය.ඔහු නිවැරදිව එය දැක නැත.එසේත් නැත්නම් මට පෙණුන හැටි කියා ඔහු කියන දේ ඔහුගේ පැත්තෙන් ඇත්ත වන්නට හැකිය.එහෙත් එය ක්‍රීඩකයන් විසින් වැදි බව කියමින්,ඉතාමත් තීරණාත්මක මොහොතකදී දිගින් දිගටම පවසද්දී විනිසුරුවරයා මං, මං කියන දේ තමයි හරි ලෙස උද්ධච්ඡ නොවී ඔහුට ඇත්තටම නිවැරදිවීමේ අවශ්‍යයතාවය පදනම කරගෙන තෙවන විනිසුරුට යොමු වන්නට තිබිණ.


කෙසේ නමුත් තරග පරාජයේ පීඩනයෙන්,අවමානයෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කම්කරුවන් ද සමඟ එක් වී තරග පාවා දෙන්නන් බවට,හිටපු නායකවරුන්ගේ හංවඩුව වැදී සිටින කණ්ඩායමකට ජයග්‍රහණය කියන දේ අතිශයින්ම වැදගත්ය.ලෝකයට සාපේක්ෂව අපේ ක්‍රිකට් කණ්ඩායම් ලබා ඇති විශාල ජයග්‍රහණ ලැබූ කණ්ඩායම්වලට මේ මොහොතේදී ඒ දස්කම්වල ප්‍රමාණයෙන් ජය ගන්නට නොහැකි බව කියන්නට හිටපු ක්‍රීඩකයින් නිහතමානී විය යුතුය.අපි ගහපු ක්‍රිකට් තමයි ක්‍රිකට් වැනි කතා කියන බොහෝ අය ඒ ඒ කාලවල කළ කී දේ ගෙන ජීවිත කාලයම යැපෙන්නට බලනු විනා මේ මොහොත එදාට සාපේක්ෂව දියුණුය කියා කියන්නේ නැත.


ඩබ්ලිව්.විමලදාස 1976 දී මීටර් 400 ආසියානු වාර්තාවක්ද සමඟ ආසියානු ක්‍රීඩා උළෙලේදී ජය ගනිද්දී වාර්තා කරන කාලය තත්පර 46.21 කි.විමලදාසගේ දක්ෂතාවය අති විශිෂ්ඨය.එහෙත් අද වන විට එම කාලය අභිබවා යා හැකි සෑහෙන පිරිසක් සිටියද එය වාර්තාවකට හෝ පදක්කමකට සුදුසු නැත.විමලදාසගේ පදක්කම සහ වාර්තාව අගය කරන අතරේම අපිට අද ඊට වඩා හොඳට දුවන අය විමලදාසගෙන් පහළට දමා කතා කරන්න ද අයිතියක් නැත.ජය හා පරාජයට වඩා අද සහ ඊයෙ කියන කාලයන් තුළ වෙනස් වී ඇති ලෝකය සමග ඉදිරියට යාමේ ගැටළුවක් පැන නැගී ඇත.එය ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක දුර්වලකමක්ම නොවන සමස්ත දේශාපාලනය විසින් ඇති කර තිබෙන කාලකණ්නි තත්ත්වයේ පලයක්ය.


නැවත හැනිබල් සහ හසරංග සිඳුවීමට ආවිට තරග පිටියක ලෝකයට විවරව පවතින සමාජ මාධ්‍ය ඇතුළේ වනිඳු හසරංග එසේ නොහැසිරී සිටියානම් යහපත්ය.එයින් හැනිබල්ගේ තත්ත්වය තරමටම හසරංගගේ තත්ත්වයද ලෝකයට විවර විය.ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ද,ඒ තීරණය නිසා අත් වුණ පරාජයේ පීඩනය ය.පරාජයවීම සම්බන්ධයෙන් විවිධ මට්ටමෙන් පීඩාවන් සහ අවමානයන් විඳින කණ්ඩායමකට ජයග්‍රහණයක් කවුරුන් හෝ අනපේක්ෂිත ආකාරයෙන් හෝ අසාධාරණ ආකාරයෙන් උඳුරා ගැනීම දරා ගන්නට අපහසුය.
වනිඳු එය ඒ මොහොතේ නොකිය යුතු කතාවක් පැවසීමක් ලෙස මා නොදකිමි.එහෙත් කියන්නට තිබුණේ වෙනස් ආකාරයකටය.උදාහරණයකට “ඇත්තටම ඒක කණගාටුදායක අවස්ථාවක්.මනුස්සෙක් විදිහට වැරදීම් වෙනවා.ඒත් තව චුට්ටක් ඉස්සුනානම් ඔළුවෙ වඳින්න ඉඩ තිබුණ බෝලයක් ඉණටත් පහළින් ගියා කියලා පේනවා කියන එක විශ්වාස කරන්න අමාරුයි.ඒක විනිසුරුවෙක් ලෙස සුදුසුකම් ලබා ගත්තු කෙනෙක්ට නෙමෙයි,පාරේ ඔය බුලත් විටක් විකුණගෙන ඉන්න කෙනෙක්ට වුණත් පියවි ඇහැට පේන දෙයක්” ලෙස මේ කතාව කීවේනම් වනිඳුට කියන්න ඕනි දේවල් සියල්ල කියවී තිබෙන බව විශ්වාසය.


එහි ගැටළුවක් ඇත.මේ තත්ත්වයට වනිඳුලාව පුහුණු කළ යුතුය.එසේම පිටිය තුළ දී පවා එහි ඇති තාක්ෂණික උපකරණ මඟින් මිනිස්සු තමන්ව කියවාගන්න බවත් අවබෝධ කර ගත යුතුය.තමන් කෙසේ කියවා ගත්ත ද කම් නැත,ලෙස හැසිරෙන්නට රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක්ට නොහැකි අතර ඔහු රටට වගකියන වෘත්තියක යෙදෙන බව අමතක නොකළ යුතුව ඇත.ඒ නිසා මේ සිඳුවීම් දෙස වැරදි සේ සළකා දඬුවම් දීමට වඩා ඔවුන්ට රටකට වග කියන වෘත්තියක් කරගෙන යද්දී හැසිරෙන සාමාන්‍ය තත්ත්වයේ සිටම අවබෝධයක් දීම වැදගත්ය.


වැදගත්ම කාරණය හසරංග – හැනිබල් කතා වස්තුව සම්බන්ධයෙන් හසරංගගේ විනය ගැන කතා කරන බොහෝ දෙනෙක් අදත් අර්ජුන ඩැරල් හෙයාර්ට කළ දේ වෙනුවෙන් ජාතිමාමකත්වයෙන් පපුව පුම්බාගෙන අර්ජුනව මහා කළු සිංහලයෙක් කර කතා කිරීමය.එහෙම නැත.හෙයාර් මෙන්ම හැනිබල් ද සමානය.හසරංග මෙන්ම අර්ජුන ගත්තත් එසේමය.එකෙක් හොඳ වී අනෙකා නරක වෙන්නට විදිහක් නැත.හෙයාර් කළේ අමු පිස්සුවක්නම් හැනිබල්ට එසේ නොකර ඉන්නට නිවැරදිම දේ කරන්නට ඇති බලය සහ අවස්ථා කිසිවක් තෝරා නොගෙන පිස්සු කෙලීම හෙයාර්ටත් වඩා දරුණුවට ගත යුතුය.පිටිය මැද විනිසුරුවරයාට සැළකීම අර්ජනු කළ ආකාරය නිවැරදිනම් තරගය නිමා වී පැමිණෙන විනිසුරුවන්ට හසරංග ආවේගශීලීව කතා කිරීම ද වැරදි වන්නට විදිහක් නැත.


අර්ජුන සුද්දෙක් එක්ක හැප්පීම සහ හසරංග අපේ රටේ එකෙක් එක්ක හැප්පීම කියා මෙවැනි සිදුවීම්වල ඉරි ගසාගෙන වීරයෝ සහ ද්‍රෝහියෝ ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට යාම වෙනුවට ක්‍රීඩකයා සහ විනිසුරුවරයා අතර තිබිය යුතු සම්බන්ධතාවයේ සහ ගෞරවණීයභාවයේ ස්වභාවයට සාපේක්ෂව මේ දේවල් සාකච්ඡා කළ යුතුය.එසේම මේ වන විට නොවරදින දේවත්වයක් ආරෝපනය කරනු වෙනුවට විනිසුරුවරයාට තමන්ගේ මට්ටම රැක ගැනීමට හැම ක්‍රීඩාවකදීම මෙන්ම තාක්ෂණ පහසුකම් සකස් වෙමින් පවතින බවක් දකින්නට ඇත.ඒ නිසා දැන් පෙරට වඩා නිවැරදි වන්නට සහ වැරදි අවම කර ගන්නට ඇති ඉඩ ප්‍රයෝජනයට නොගෙන වැඩ කිරීම මහත්මාකම නොවේය.මහන්තත්තකමය.ලෙන්ඩ්ල් හැනිබල් මහත්මාකම රැක ගැනීම සඳහා උත්සාහ නොකළ බව අපේ විශ්වාසය ය.


විටින් විට එකම විදිහේ දේවල් සිඳුවෙද්දී සමහර අය අසරණ වන්නේය.ඒ අසරණකම ඇති වන්නේ සිදුවීමට සාපේක්ෂව නොව පුද්ගලයාට සහ තමන්ගේ රුචි අරුචිකම්වලට සාපේක්ෂව සිතන්නට යන බැවින්ය.එසේ නොවී සිතන විට අර්ජුන,වනිදු,හෙයාර් සහ හැනිබල් යනු සියල්ල සමාන ලෙස දකින්නට හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan