මීළඟ නේටෝ ප්‍රධානියා නෙදර්ලන්ත අගමැති මාර්ක් රූටේ ද?

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේටෝහි වත්මන් සභාපති ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඔක්තෝබර් මාසයේදී ඉල්ලා අස්වන විට අත්ලාන්තික් සාගරයේ සන්ධානයේ නායකත්වය ලබා ගන්නා ලෙස බොහෝ රටවල් නෙදර්ලන්ත අගමැති මාර්ක් රූටේගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව යුක්රේනයට එරෙහිව රුසියාවේ යුද්ධය උග්‍ර වන විට සන්ධානය සඳහා තීරණාත්මක අවස්ථාවක, රූටේට සන්ධානයේ සභාපතිත්වය භාර ගැනීම සිදුවනු ඇති අතර ඔහුට නේටෝ සාමාජිකයින්ගේ සහයෝගය පවත්වා ගෙන යාමේ වගකීම පැවරී ඇත.

නෙදර්ලන්තයේ දීර්ඝතම නායකයා වන මාර්ක් රූටේ ඔහුගේ ධූර කාලය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විවිධ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපද නායකයින් සමඟ හොඳ සබඳතා පවත්වා ඇත.

රුටේ ට අමතරව අනෙකුත් අපේක්ෂකයින් අතර එස්තෝනියානු අගමැති Kaja Kalas සහ ලැට්වියාවේ විදේශ ඇමති Krisjanis Karinsගේ නම් යෝජනා වී ඇති අතර නේටෝවේ මහා බලවතුන් වල එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනියේ හා තවත් නේටෝ සාමාජිකයින් 16 දෙනෙකුගේ සහාය ඇත්තේ මාර්ක් රූටේටය.

සීතල යුද්ධ සමයේදී සෝවියට් සංගමයට එරෙහිව සටන් කිරීම සඳහා 1949 දී ආරම්භ කරන ලද නේටෝ යනු උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල දේශපාලන හා මිලිටරි සන්ධානයකි.

නේටෝ නායකයින් පත් කරනු ලබන්නේ සම්මුතියක් මඟින් වන අතර දැනට සන්ධානයේ සාමාජිකත්වය දරන රටවල් 31කේ සියලුම සාමාජිකයින් අවසාන තීරණයකට එකඟ විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...