බලපෑම් වළට බයේ කිසිම මෙහෙයුමක් නවත්වන්නේ නෑ – මහජන ආරක්ෂක ඇමැති

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කර ඇති කිසිම මෙහෙයුමක් බලපෑම් වළට බයේ නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

එසේම 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මෙසේ ද කියා සිටියේය.

“මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් කරනවා. මොන බලපෑම් පැමිණියත් අපි කරන මේ මෙහෙයුම් නැවැත්වීමට කිසිම සූදානමක් නැහැ. මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වෙනවා.

මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය ජාලවලින්, මුදල් ලැබෙන පිරිස් විසින් පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.

දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වෙනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක්. ඒ වෙනුවෙන් කළ වැටලීම් සංඛ්‍යාව 58,562ක්. මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක්.

ඒ වගේම ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින පෝලිම් අවම කිරීමට E Passport සේවාව හඳුන්වාදීමට අප සූදානම්. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය නිසා නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් වැඩි වී තිබෙනවා. ඒ ගැටලුව නිරාකරණය කිරීමට අප කොරියා රජය සමඟ සාකච්ඡා කර විභාගය සමත්වන අයට පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබාදීමට සියලු කටයුතු සූදනම් බව පැවැසිය යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (Dangerous Drugs Control Board) හරහා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට පාසල් සහ පොලිසිය ඒකාබද්ධව වැඩසටහන් කීපයක් මේ වන විටත් සිදු කෙරෙනවා.

ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයට අපගේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප සියලු දෙනාම සහාය දෙනවා. මේ රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිට හැකියාව ලැබුණා. ඒ තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අය වෙනත් ජනාධිපතිවරයෙක් ගැන සිතිය යුතු නැති බව අපගේ අදහසයි.”

ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...