පුරාණ ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන තලෙයිබානුවන් විසින් ඩෝසර් කරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විශාල ප්‍රමාණයක් කොල්ල කෑම සඳහා ඩෝසර් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පසුගිය රජය යටතේ ආරම්භ වූ කොල්ලකෑම් රටාවන් 2021 දී තලෙයිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුව අඛණ්ඩව පවතින බවට ඡායාරූප සාක්ෂි සපයන බවයි.

සමහරක් ක්‍රි පූ 1000ට පෙර තිබූ පුරාණ ලෝකඩ යුගය සහ යකඩ යුගය දක්වා දිවෙන පුරාණ ජනාවාසවලට මේ වනවිට හානි හානි කර ඇති බව සඳහන් වේ.

බොහෝ ස්ථාන හඳුනාගෙන ඇත්තේ උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශය සහස්‍ර දෙකකට පෙර බැක්ට්‍රියාහි කේන්ද්‍රය ලෙස සලකා තිබේ.

එය ක්‍රි.පූ. 6 වැනි සියවසේ අචෙමනිඩ් අධිරාජ්‍යය යටතේ පුරාණ ඇෆ්ගනිස්ථානයේ ධනවත්ම සහ ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් වන මෙය, චිකාගෝ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික උරුම සංරක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඇෆ්ගනිස්ථානය පුරා පුරාවිද්‍යාත්මක ස්ථාන 29,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර 2018 සිට බල්ක් කලාපයේ වෙනසක් නිරීක්ෂණය වූ බව ඔවුන් සඳහන් කරයි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, කාලයත් සමග එම පෞරාණික ස්ථාන කොල්ලකා සුන්බුන් පමණක් ඉතිරිව ඇති අතර මෙය නැවත්වීමට බලධාරීන් අදාළ ක්‍රියා මාර්ගය ගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...