සජබෙ වේදිකාවට පොළොන්නරුවේ දී ගොඩවුණ රංගන ශිල්පිනී දමිතා…

Date:

ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි සටන එදා මර්දනය නොකළා නම් රට ඉතියෝපියාවක් වන්නට තිබුණු බව රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

එදා 88-89 කාලයේ පොඩි කණ්ඩායමක් විමුක්තිය හෙවුවේ ඒ පොඩි කණ්ඩායම වෙනුවෙන්ම යැයි කී ඇය, අදත් වේදිකාවල නැඟ මේ අය විමුක්තිය සොයමින් සිටින බව ද කීවාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවති සමඟි ජන බලවේගෙයේ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඇය මේ බව කීවාය.

එදා රතු පාට ලේ දකින්න කැමැති මේ පිරිස ජනතාවගේ ලේ හෙල්ලූ බවත් තරුණ තරුණියන් පාරට දමා ලේවලින් විමුක්තිය සෙවූ බවත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය:

“අද වන විට හොරු එළවන්න ආපු අයත්, හොරු එළවන්න ඉන්න අයත් සජිත් ප්‍රේමදාස කියන නමට බය වෙලා. සජිත් ප්‍රේමදාස කියන නමට එහෙම බය වෙන්න ඕනෑ. මම අද තමයි සමඟි ජන බලවේගයේ වේදිකාවට නැග්ගේ. අපි අරගල කළේ රටේ හොරු එළවන්න. අපි එන එන නායකයන් එළවන්න ඕනෑ නැහැ. ඒ අරගලයට ආපු සියලු දෙනා නායක නායිකාවෝ. ඒ අරගලයට එක නායකත්වයක් තිබුණේ නැහැ.

මේ අම්මලා තාත්තලාට මතක නම් 80 ගණන්වල විමුක්තිය හොයන්න ආපු කණ්ඩායම එදා විමුක්තිය හෙවුවේ කා වෙනුවෙන්ද, ඒ අය විමුක්තිය හෙව්වේ ඒ පොඩි කණ්ඩායම වෙනුවෙනුයි. ඒ විමුක්තිය හෙවුව පොඩි කණ්ඩායම අද වේදිකාවල හිටගෙන දැනුත් විමුක්තිය හොයන්න එනවා. ඒ රතු පාට ලේ දකින්න කැමැති කණ්ඩායම එදත් මේ රටේ ජනතාවගේ ලේ හෙල්ලුවා. පොඩි කණ්ඩායමක විමුක්තිය හොයලා තරුණ ළමයි පාරට දාලා ඒ අය එදත් ලේ හෙල්ලුවා. එදා දේශප්‍රේමි සටන මර්දනය නොකර ඊට ඉඩ දුන්නා නම් මේ රට ඉතියෝපියාවක් වෙන්නේ එදාමයි.

“පෞද්ගලික ඉඩම් රජයට පවරා ගන්න බවට මාලිමාවේ වෙබ් සයිට් එකේ තිබෙනවා කියලා විපක්ෂ නායකතුමා කිව්ව විතරයි මේ අය දැන් ඒ ප්‍රතිපත්ති ටික වෙනස් කරලා වෙනම වෙබ් සයිට් එකක් හදලා තිබෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...