ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහනයක් අවශ්‍යයි – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් පවසා ඇත්තේ මේ මොහොතේ වඩාත්ම හදිසි මූල්‍ය සහනයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවයි ., ඉන්දියාවේ පැවති ජී-20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ සමුළුවක් අමතමින් ඇය ඒ බව පවසා ඇත.

ණය බර හේතුවෙන් ලොව බොහෝ රටවල් පසුපසට යාම වළක්වා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ඇය පවසා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව අඩු ආදායම් ලබන රටවල් වලින් සියයට 55ක් පමණ ණය උවදුරට ආසන්නයේ හෝ ණය උවදුරේ සිටින බවද අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය පවසා ඇත.

තව දුරටත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් පවසා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ණය අර්බුදයට ලක්ව සිටින රටවල් වෙත වඩා ඵලදායී ණය සහන ලබා දීමට චීනය ඇතුළු සියලුම ද්විපාර්ශවික නිල ණය හිමියන්ට තමන් අඛණ්ඩව බලපෑම් කරන බවයි.

වඩාත්ම හදිසි ණය සහන අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට හා සැම්බියාවටයි. ශ්‍රී ලංකාව සඳහා නිශ්චිත සහ විශ්වසනීය මූල්‍ය සහතික නිකුත් කිරීම අත්‍යාවශ්‍ය බවයි වැඩිදුරටත් පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...