ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහනයක් අවශ්‍යයි – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්

Date:

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් පවසා ඇත්තේ මේ මොහොතේ වඩාත්ම හදිසි මූල්‍ය සහනයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවයි ., ඉන්දියාවේ පැවති ජී-20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ සමුළුවක් අමතමින් ඇය ඒ බව පවසා ඇත.

ණය බර හේතුවෙන් ලොව බොහෝ රටවල් පසුපසට යාම වළක්වා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ඇය පවසා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව අඩු ආදායම් ලබන රටවල් වලින් සියයට 55ක් පමණ ණය උවදුරට ආසන්නයේ හෝ ණය උවදුරේ සිටින බවද අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය පවසා ඇත.

තව දුරටත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල් යෙලන් පවසා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ණය අර්බුදයට ලක්ව සිටින රටවල් වෙත වඩා ඵලදායී ණය සහන ලබා දීමට චීනය ඇතුළු සියලුම ද්විපාර්ශවික නිල ණය හිමියන්ට තමන් අඛණ්ඩව බලපෑම් කරන බවයි.

වඩාත්ම හදිසි ණය සහන අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට හා සැම්බියාවටයි. ශ්‍රී ලංකාව සඳහා නිශ්චිත සහ විශ්වසනීය මූල්‍ය සහතික නිකුත් කිරීම අත්‍යාවශ්‍ය බවයි වැඩිදුරටත් පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...