කාගෙ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි – වෙළඳ ඇමති බන්දුල (VIDEO)

0
648

රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“මේ තියෙන අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හදාගත්ත අර්බුදයක්වත්, ආණ්ඩුවේ අසමත්කමවත් අකාර්යක්ෂමකමවත් නෙවෙයි. ජාතික අර්බුදය වහගෙන ඉඳලා ඉඳලා එය බිත්තියට හේත්තුවෙනකොට ඒ පිළිබඳ වරද කවුරු හෝ පිට පටවලා ඒ වෙනුවට තමන්ට බලය ආවොත් මේක කරනවායි කියන එක පට්ටපල් බොරුවක්ය කියන එක අපි රටේ ජනතාව වෙනුවෙන් තේරුම් ගතයුතු වෙනවා.

මේ අහගන්න. ජාතික අර්බුදයක් ලෙස දකින්න. එය කාටත් අරන් ඉවරවෙලා මේක කරන්න බෑ. මොන පිස්සුද ? දන්නවා නම් ඔහොම කියයි යෑ, දන්නවා නම් පිස්සෙක් වගේ හැසිරෙයි යෑ, දන්නවා නම් මහත්තයෙක් වගේ හැසිරෙන්න එපා යැ. පිස්සෙක් වගේ හැසිරිලා හරියනවාද අර්බුදය දන්නවා නම් ? ඒක තමයි කියන්නෙ ‘පිස්සන් රජ වුණත් එකයි, රජුන් පිස්සො වුණත් එකයි, කාගෙ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි’ කියලා. මේ නායකයොද ?”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here