ආණ්ඩුව ශානිව “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරනවාද ? – විපක්ෂ නායක සජිත් අසයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“ඉතාම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරමින් ඉන්නවාද කියන සාධාරණ සැකය අපිට තියෙනවා.

මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ඒ ගැන අපි 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

අද වෙනකොට සියල්ලම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තියෙනවා. එහෙම තත්වයක් ඇතුලේ ශානි අබේසේකර මහතාගේ ජීවිතය පිළිබඳව අපිට සාධාරණ භීතියක් තිබෙනවා.”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...