ආක්‍රමණිකයාට එරෙහිව ආයුධ අතට ගන්න – යුක්රේන ජනපති ජනතාවගෙන් ඉල්ලයි

රුසියාව විසින් තම රට ආක්‍රමණය කිරීම අතීතයේදී සිදු වූ නාසි ආක්‍රමණයට සමාන බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසනවා. මේ නිසා ආක්‍රමණිකයාට එරෙහිව ආයුධ අතට ගෙන යුක්රේන හමුදාවට සහාය දක්වන ලෙස ඔහු සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ආක්‍රමණය නවත්වන ලෙස ඉල්ලමින් රුසියානු රජයට එරෙහිව උද්ගෝෂණ පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

මේ වනවිට යුක්රේනය, රුසියාව සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවා තිබෙනවා.

මීට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා තිබෙන්නේ යුක්රේනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම පිළිබඳව කල්පනා කරමින් සිටින බවයි.

UN