සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 24 කොළඹ (LNW): ලබන 28 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 47,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව සඳහන් වේ.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-69-1024x137-1-1.webp)