*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මේ පාර ඡන්දෙදි හොඳම කෙනා තෝරගන්නෙ කොහොමද ???

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): 2024 කියන්නෙ ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම දේශපාලනිකව වැදගත් අවුරුද්දක්. යුරෝපා සංගමයත් ඇතුලුව සමස්ත ලෝකයේම ඡන්ද 65 ක් පැවැත්වෙන වසරක්.

ඇත්තටම ඡන්දයක් කියන්නෙ හැගීමක් එහෙමත් නැත්නම් emotion එකක්. මනුෂ්‍යයන් අතර වගේම තනි මනුෂ්‍යෙක් තුල පවා සීමිත කාල පරාසයක් තුල විවිධාකාරයෙන් ගැටෙන හැගීම් සමුදායක ප්‍රකාශනයක් තමයි ඡන්ද ප්‍රථිඵලයක් කියන්නෙ.

ඒ නිසා තමයි ඡන්දයක් කියන හැහීමම හරිම උණුසුම්, සරාගී මාතෘකාවක් බවට පත්වෙන්නෙ. තමන් කාටද ඡන්දෙ දෙන්නෙ කියන කාරණය ගැන මනුෂ්‍යෙක් තුල ගැටීමක් නැවතුනදාට දේශපාලඥයෙකුට කරන්න දෙයකුත් නැතිවේවි.

ඒ නිසා පුලුවන්තරම් තමන්ගෙ ඡන්දදායකයන්ගේ හැගීම් ඝට්ඨනයකට ලක් කිරීම තමා මැතිවරණ කාලසීමාවක් තුල දේශපාලඥයාගේ ප්‍රථම සහ වැදගත්ම කාර්‍ය්භාර්‍ය වන්නේ.

තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන එක පිළිබදව ඡන්දදායකයාගේ හැගීම් ගැටෙන්නෙ නැතිව නියතයක් විදියටම තියනවනම් දේශපාලනය තුල බලහුවමාරුවක් වෙන්නෙත් නැහැ.

ඒ නිසා තමන්ගෙ ඡන්දදායකයා තුල හැගීම් ගැටීමකට ලක්කරමින් ඔවුන්ගේ සිතුවිලි වික්ෂිප්ත කර තබා ගැනීමට තරම් ප්‍රබල කතාවක් එහෙමත් නැත්නම් narrative එකක් නිර්මාණය කරගන්නට දේශපාලන පක්ෂයන්ට/ දේශපාලඥයාට සිදු වෙනවා.

ඉතින් මේ narrative එක නිර්මාණය කරගන්නවා කියන්නෙත් ලේසි දෙයක් නෙවයි. විශාල වශයෙන් උපායමාර්ගයන් භාවිතා කරලා තමන්ගේ විවිධ වූ ආශාවන් සහ අභිලාශයන් දේශපාලන බලයක් යටතේ ඉටු කරන්න පුලුවන් වේවි කියලා හිතන විශාල කොටස්කරුවන් පිරිසක් සම්බන්ද වෙලා තමයි මේ කතා නිර්මාණය කරන්නෙ.

කවුරු මේ කතා කිව්වත් මේ කතා වල පොදුවේ අපිට හදුනාගන්න පුලුවන් ලක්ෂණ කිහිපයක් තියනවා. එකක් තමයි මේ කතාවලින් සමාජය පැහැදිලි කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි ” ඔවුන් ” සහ “අපි” (US v THEM) වශයෙන්.

අපි කියලා කියන්නෙ කාටද කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ නේ. අපි කියන්නේ මේක කියවන ඔයා සහ මම.

හැබැයි මේ “ඔවුන්” කියලා හදුන්වනා කෙනා බොහෝ දුරට අදෘෂ්‍යමානයි. සහ ඒ ඒ සමාජ දේශපාලන සංදර්භය මත කාලෙන් කාලෙට ඔවුන් කියන කෙනා වෙනස් වෙනවා.

සමාජය සංවේදී කල හැකි හෝ ප්‍රකෝපයට පත් කලහැකි මාතෘකාවට අදාල වෙන පරිදි “ඔවුන්” කියන කෙනා වෙනස් වෙනවා.

උදාහරණයක් විදියට ගමුකෝ ඇමරිකාවේ 2016 ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ Make Ameica Great Again කියන මැතිවරණ campaign එක.. මෙතනදි ඇමරිකාවේ ප්‍රදානතම හතුරා ලෙස පෙන්නුවෙ සංක්‍රමිණකයන්. එතකොට ඔවුන් වුනේ සංක්‍රමිණකයන්. ඒ වගේම තමයි ප්‍රභූන් එහෙම නැත්නම් elites.

Trump ගේ දේශපාලන උපදේශක වෙච්ච ස්ටීව් බෙනන් වේදිකාවට නැගලා තමන් ප්‍රශ්න කරපු ඇමරිකානුවන් ඉදිරියේ මේ කතාව ලස්සනට නිර්මාණය කරනවා. එහිදී ඔහු ඇසට නොපෙනන ප්‍රභූන් කියලා කොටසක් ගැන කතා කරනවා. ඔවුන් තමා මේක අහන් ඉන්න ඔබේ හතුරා කියලා පෙන්වා දෙනවා. ඔබව ඒ හතුරාගෙන් බේරගන්නෙ අදූෂිත දේශහිතකාමී ට්‍රම්ප් කියන එක මතක් කරලා දෙනවා. හැබැයි මේ කියන දූෂිත ප්‍රභූන් කවුද කියන එක කවුරුවත් දන්නෙ නෑ.

ඉතින් ප්‍රභූ විරෝධය (anti elitism) මේ කතාවල තියන ප්‍රධානතම ලක්ෂණයක්. ප්‍රභූන් දූෂිතයි. ඔවුන් නිසා දිනෙන් රටේ ආර්ථිකය කඩන් වැටෙනවා කියන එක.

ඒ වගේම බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කිරීම එහෙමත් නැත්නම් බුද්ධිමය සංවාද ප්‍රතික්ෂේප කිරීම, බුද්ධිමය වශයෙන් වෙනස් මතවාද දරණ කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම සහ ඔවුන් ද තමන්ගේ සතුරාගේ මිතුරන් බව පෙන්වීම මේ campaign වල ලක්ෂනයක්.

එතකොට ඔබට පේනවා ඇති වෙනත් මත නොරිස්සීම (anti pluralism) කියන එකත් මේ කතා කරුවන්ගෙ ලක්ෂණයක්.

සරලවම කිව්වොත් මේ කතාකරුවන්ගේ ප්‍රධානම කතාව වෙන්නෙ අහිංසක, සත්‍යවාදී, අසරණ ඔබව දූෂිත “ඔවුන්” විසින් විශාල තර්ජනයකට ලක් කරලා තිබෙන බවත්, මේ අසවල් සුපිරි පුද්ගලයා බලයට පත් කිරීමෙන් තොරව ඔබට ඒ තර්ජනයෙන් ගොඩ ඒමක් හිතාගන්නවත් බැහැ කියලා විශාල නොපෙනෙන බයක් ඇති කරලා සමාජය ත්‍රාසයට ලක් කිරීම.

ඉතින් එක කාලයක මේ කතාවට පාදක වෙන්නෙ ජාතික ආරක්ෂාව වෙන්න පුලුවන්. එතනදි හතුරා ලෙස සමාජයේ එක් වර්ගයක්/ ආගමික කණ්ඩායමක් පෙන්වා දීලා සමාජය තුල වෛරයක් ගොඩ නගලා එහි වාසිය චන්ද ප්‍රථිඵලයකින් බලාපොරොත්තු වෙනවා.

රටේ ආර්ථිකය ජනප්‍රිය මාතෘකාව වෙද්දී මේ කතාවට පාදක වෙන්නෙ රටේ ආර්ථිකය වෙන්න පුලුවන්. රටේ ආර්ථිකය දිනෙන් කඩා වැටෙනවා. ඒකට හේතුව දූෂිත ප්‍රභූන් කියලා පෙන්වමින් අදූෂිත පාලකයෙක් පත් කරගැනීමෙන් පමණක් එය විසදන්න පුලුවන් කියලා පෙන්වනවා. නමුත් ඉතිහාසය කියන්නෙ හැමවෙලාවෙම අනාගතයට දොරටුවක්. ඉතින් ඉතිහාසය තුල මීට කලින් අපි මේ කතාවම මේ විදියට අහලා සුපිරි වීරයෙක් බලයට පත් කලත් බලාපොරොත්තු වුන ප්‍රථිඵලය ලැබුනෙ නෑ වගේම මේ අවස්ථාවෙත් ඔබට ලැබෙයි කියලා පෙන්වන ප්‍රථිඵලය ලැබෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.

ඒකට හේතුව විදියට මිල්ටන් ෆ්‍රීඩ්මන් මෙන්න මේ කියමන මම උපුටා දක්වන්නම්.

” නිවැරදි මිනිසුන් බලයට පත් කරන්න පුලුවන් නම් ඒක ඉතාමත් හොද දෙයක්. හැබැයි ප්‍රායෝගිකව මේ ක්‍රමය වැඩ කරන්නෙ ඒ විදියට නෙවෙයි. මේ ක්‍රමය වැඩ කරන එකම ක්‍රමය තමයි වැරදි මිනිස්සුන්ටත් නිවැරදි දේ කිරීම දේශපාලනිකව වාසිදායක දෙයක් බවට පත් කිරීම”

මිල්ටන් ෆ්‍රීඩ්මන්

ඉතින් එහෙම system එකක් හදද්දි සිවිල් සමාජයට විශාල කාර්‍යභාර්‍යක් කරන්න පුලුවන්. දේශපාලඥයෙක් බලයට පත් කරන්න තමන්ට තියන බලයට එහා ගිය සිවිල් පුරවැසි බලය මුලින්ම හදුනා ගැනීම ඉතමත් වැදගත් කාරණාවක්. දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් මත තමන්ගෙ ලෝකය ගොඩනංවනවාට වඩා එහා ගිය කාර්‍යභාර්‍යක් සිවිල් පුරවැසියෙකුට කරන්න පුලුවන්.

දේශපාලඥයන් ජනප්‍රියවාදී කතා නිර්මාණය කරන එක අපිට නවත්වන්න බැරි වෙයි. හැබැයි මේ ජනප්‍රියවාදී කතා නිසා සමාජ දේශපාලන ආර්ථික වශයෙන් විශාල අර්බුද ඇති වීම අපිට වළක්වන්න පුලුවන්.

මොකද මේ කිසි කතාවක් තර්කනයක් මත, සංඛ්‍යා ලේඛන මත, නීතිමය හෝ දේශපාලන විද්‍යාත්මක මූලධර්මයන් මත පිහිටලා කරන කතා නෙවෙයි. ඒ නිසා අහන් ඉන්න ඕනම කෙනෙක්ට ඒ කතා ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා හරිම රසවත් විදියට හැගීම්බර විදියට එහෙම නැත්නම් ආවේගශීලි ලෙස කරන කතා. ඉතින් ඒවා අහන් ඉන්න හරි ආසයි.

නමුත් අපි හොදට මතක තියාගන්න ඕන ඒ දේවල් කතා විතරයි කියලා. කියන්නා කියන දේවල් අපිට පාලනය කරන්න බැරි වුනාට අසන්නාට තමන්ට ඇසෙන දේ පාලනය කරන්න පුලුවන්..

ඒ බුද්ධිමත් ජනතාවක් විදියට තමන්ට ඇහෙන කතා ආර්ථික විද්‍යා මූලධර්ම මත, නීති සහ දේශපාලන විද්‍යා මූලධර්ම මත, වටිනාකම් මත ප්‍රශ්න කරමින් අවසන් තීන්දු තීරණ ගැනීම ඔබ අතේම තබාගනිමිනි.

නීතිඥ නාමිණී පණ්ඩිත ගේ අදහසක්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan