වෙළද සේවා බැඩිමින්ටන් රුපියල් මිලියනයක් සමඟ විවෘත වෙයි!

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 24 කොළඹ (LNW): වෙළද සේවා බැඩිමින්ටන් සංගමය ජාතික විවෘත බැඩිමින්ටන් තරගාවලියක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.කණිෂ්ඨ සහ ප්‍රවීන තරගකරුවන් මහ තරගනාරියන්ට ද වෙනම තරග පැවත්වෙන මෙම තරගාවලිය ජාතික මට්ටමේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන්ටද සිය උපරිම දක්ෂතා සම්බන්ධයෙන් විවෘත කර ඇත.වෙළධ සේවා බැඩිමින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ ඩීඑස් සේනානායක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය මාර්තු 16 සිට මාර්තු 23 දක්වා පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
රුපියල් මිලියනයක මුදලක් තෑගි වශයෙන් පිරිනැමීමට නියමිත මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වන්නන් අයදුම් පත් මාර්තු 8 දා පෙර භාර දිය යුතුව ඇත.වීවෘත අංශයේ තරගවලිදී පිරිමි සහ කාන්තා කේවල තරගත්,යුගල තරගත් පැවත්වෙන අතර මිශ්‍ර යුගල තරග ද විවෘත අංශයට ඇතුළත් කර ඇත.

අවුරුදු 11න් පහළ,13 පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස කණිෂ්ට අංශයේ තරග පැවත්වෙන අතර එහිදී එම වයස් ඛාණ්ඩවලින් පිරිමි සහ කාන්තා ලෙස කේවල සහ යුගල තරග පමණක් පැවත්වෙන අතර එහිදී මිශ්‍ර තරග නොපැවත්වෙනු ඇත.ප්‍රවීන තරග අංශයේදී වයස 30 ඉහළ,35 ඉහළ,40 ඉහළ,45 ඉඑළ,50 ඉහළ,55 ඉහළ,60 ඉහළ,65 ඉහළ සහ 70 ඉහල තරග පිරිමි සහ කාන්තා ඒකල සහ යුගල ලෙසත්,මිශ්‍ර යුගල ලෙසත් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.
වයස එකතුව 110 කාණ්ඩයේ තරග පැවත්වෙන්නේ පිරිමි,කාන්තා සහ මිශ්‍ර ලෙස යුගල කාණ්ඩ තුනෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...