එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඇමරිකාව යුක්රේනයට එරෙහිව රුසියාවට ජන්දය දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී අද(25)දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම වැළකීම සඳහා වන යෝජනාවක් හා යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාවයට සහය දක්වමින් යුරෝපීය කෙටුම්පත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය යුක්රේනයට එරෙහිව රුසියාව වෙත සිය ජන්දය ප්‍රකශ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ජාතීන් සහ රටවල් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සහ සාමාජික රටවල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ක්‍රියාත්මක වන අතර ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ වැඩබලන ඇමරිකානු නියෝජිත ඩොරති කැමිල් ෂියා මෙලෙස සිය ජන්දය භාවිතා කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් රුසියාව ප්‍රධාන රටක් වන අතර එක්සත් ජනපදය එහි යුරෝපීය සහචරයින් යැයි කියනු ලබන අය සමඟ එතරම් විරුද්ධ වී ඇත්තේ කලාතුරකිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...