ජනපති සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හමුවෙයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් අද (25) පැවැත් වීමට නියමිත ව ඇත.

එහිදී රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර, සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කරන්නැයි එහිදී ඉල්ලා සිටීමට කටයුතු කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ අද පෙරවරු 10.30ට පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති 40ම නියෝජනය කරමින් න නියෝජිතයින් සහභාගී වන බවයි.

වරාය, විදුලිය, වෛද්‍ය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ඇතුළත් වේ.

රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 6% සිට 36% දක්වා බදු අය කිරීම පසුගියදා රජය තීරණය කළ අතර, වෘත්තීයවේදීන් විරෝධතාවල නිරත වන්නේ ඊට එරෙහිවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...