කුප්පි ලාම්පුවට අවසරද..???

Date:

විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් හෙලිවන්නේ අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 06 වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බවයි.

මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීහු පෙන්වා දෙන්නේ අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග 40% කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත්ය.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය.

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව එම නිලධාරීහු සඳහන් කරති.

බොහෝ ජනතාව විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ , විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිය සහ ජලය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට එම මණ්ඩල ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වේ. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 කි.

අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...