ලෝක බැංකුවේ මාර්ටින් රේෆර් මහතා අද දිවයිනට …

ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක් වන මාර්ටින් රේෆර් මහතා අද (25 දා) මෙරටට පැමිණීමට නියමිත අතර ඒ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කර ඉදිරි කටයුතු සඳහා සහාය ලබාදීමේ අරමුණිනි.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ සංචාරය අතරතුර නියෝජ්‍ය සභාපතිවරයා මාරවිල, හලාවත, ප්‍රාදේශීය රෝහල් නිරීක්ෂණය කිරීමට අද (25 දා) යෑමට නියමිත බවයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය මේ වනවිට මුහුණපා ඇති අර්බුද හමුවේ ගුණාත්මක සේවා ලබාදීමට ලෝක බැංකුවේ සහාය ලබාදීම නියෝජ්‍ය සභාපතිවරයාගේ අවධානය යොමුව තිබෙන බව ද බණ්ඩාර මහතා කීය. එම රෝහල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති සවිබල ගැන්වීමේ ලෝකු බැංකු ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන රෝහලක් බව ද ඒ මහතා කීය.

ජයසුන්දර බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසූවේ සංචාරයෙන් පසු ලෝක බැංකු නියෝජ්‍ය සභාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුවට ලබාදීමට නියමිත විශේෂ වාර්තාව මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙට දවස වෙනුවෙන් තීරණාත්මක ලෙස බලපෑමක් ඇති කරනු ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...