*
Friday, May 10, 2024
spot_img

Latest Posts

මිහිරාන්ගේ මිහිර රැකගන්නේ කොහොමද?

ජාතික බොක්සිං සූරතාවලිය නිමාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා සේ ගෞරවයට පාත්‍රවීමේ භාග්‍යය උමයංග මිහිරාන් අපහසුවකින් තොරව දිනා ගත්තේය.තරගාවලියේ පිරිමි අංශයේ තරගකාරී මට්ටම බොහෝ සෙයින් පහතට වැටි තිබුණේ ක්‍රීඩාවේ ශිල්පීය හැකියාවේ විශාල අඩුවක් පෙන්වමින්ය.එවැනි තත්ත්වයක උදයංග මිහිරාන් හොරණ විද්‍යාරත්න බොක්සිං සමාජය නියෝජනය කරමින් තරග වදිමින් දැක් වූ කුසලතාවයන් ඉහළ මට්ටමත තිබිණ.ඉතා කුඩා අවදියේම ශ්‍රී ලංකාව නියෝජනයට වරම් හිමිකර ගත් මිහිරාන් තවමත් අවුරුදු 19 ක් වයස ක්‍රීඩකයෙක් වන අතර තාක්ෂණික විෂයන් හදාරමින් ඒ සමර්ථ තුනක් පමණක් නොව එම විෂය ධාරාවේ දිස්ත්‍රික්කයේ හයවන තැනත් දිනා ගැනීමට සමත් වී ඇත.

හොරණ විද්‍යාරතනයෙන් “අ” යන්න කියැ වූ ඔහු බොක්සිං හෝඩිය ඉගෙනගන්න පටන් ගත්තේද විද්‍යාරතයේම අමිල අරවින්ද හරහාය.උසස් පෙළ සඳහා කොළඹ නාලන්දයට පැමිණිය ද,මිහිරාන්ගේ බොක්සිං අධ්‍යයනය විවිධ මැදිහත් වීම් මැද නොසෙල් වී අමිල සමඟම පෙරට ඇඳුණ අතර මෙවර ජාතික සූරතාවයේ දක්ෂතම ක්‍රීඩකයා වෙන මොහොතේ ද ඔහුගේ මුවට ගම් ගාඩ් එක වැටුණේ අමිල අරවින්ද අතින්ය.
තමන්ගේ පවුලට හොරණ නගරයට නුදුරුව පිහිටා ඇති හෝටලය පවුලේ ජීවනෝපායට උදව් වෙන අතර ඉතා පැහැදිළි දිගු ගමණක් පෙනෙන්නට තිබෙන මිහිරාන්ගේ අධ්‍යාපනය සමඟ ඔහුගේ බොක්සිං ජීවිතය ආරක්ෂා කර දෙන්න පැහැදිළි වැඩ පිළිවෙලක් රට තුළ නොමැති වීම ගැටළුවකි.ඔහුව කුමන හෝ අනුග්‍රාහක ආයතනයක් විසින් භාර ගත යුතුය.නැතිනම් ඔහුගේ දැණුමට සරිලන පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද හානියක් සිඳු නොවන පරිදි රැකියාවකට ඉඩ සැකසිය යුතුය.සැබවින්ම බොක්සිං වෘත්තිය මට්ටමෙන් කරන්නට අවශ්‍යය පරිසරය සැකසීම වැදගත් අතර නැතිනම් මිහිරාන් ද ලංකාවේ බොක්සිං අයාලයේ අහිමි කර ගත් ක්‍රීඩක නාමාවලියේ නියෝජනයක් සේ අනාගතයේදී හඳුනාගන්නට ඉඩ ඇත.

මිහිරාන් දින හතරක් පැවති තරගාවලිය තුළ පිරිමි අංශයේ තරග අතර පළමු මොහොතේ සිටම ශිල්පීය හැකියාවන්ගෙන් පෙරමුණේ සිටිනු පැහැදිළිව දැකිය හැකි විය.නමුත් වසරේ ක්‍රීඩකයා ලෙස මේ තරගාවලිය පමණක් සීමා නොකර පිරිනමන සම්මානයට හිමිකම් කීවේ යුද හමුදා කණ්ඩායමේ රුක්මාල් ප්‍රසන්නය.ඔහුගේ ජාත්‍යන්තර සහභාගීත්වය සහ දක්ෂතා ද මෙහිදි සැළකිල්ලට ගැණින.

පිරිමි අංශයට සාපේක්ෂව කාන්තා අංශයේ තරගවලදී ශිල්පීය ගුණාංග යහපත් මට්ටමක පවතින ආකාරයක් දකින්නට ලැබිණ.පිරිමි අංශයේදී යුද හමුදාව පහසුවෙන් ජයග්‍රහණය ලබා ගෙන සූරතාවයට හිමිකම් කීවත්,මේ ශිල්පීය ගුණ සහිතව පෙරට ඇදුණු තරගවලදී තරගකාරීත්වය මෙන්ම ගුණාත්මක තත්ත්වයද හොඳින් පැවතිණ.එහිදී දක්ෂතම ක්‍රීඩකාව වූයේ නෙත්මි මල්ෂානි ය.ඇය ගුවන් හමුදා ක්‍රීඩිකාවක් වූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සේ සළකා පිරිනමන කුසලානය හිමි වූයේ සංජීවනී කුරේ ට ය.ඇයද මල්ෂානි මෙන්ම ගුවන් හමුදාවම නියෝජනය කළ අතර ඔවුන්ගේ දක්ෂතා නිසා සමස්ත සූරතාවයද ගුවන් හමුදාවට හිමි විය.
කාන්තා අංශයේ තරගවලදී පොලිස් ක්‍රීඩිකාවන්ගේ විෂේශ වර්ධනයක් දක්නට තිබුණ අතර කුරේ සහ මල්ෂානි මෙන්ම නදීකා පුෂ්පකුමාරි ද ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළාය.

පිරිමි අංශයේ දී විද්‍යාරතන ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිහිරාන් දැක් වූ දක්ෂතාවයට අමතරව සෙසු සියලු බර පංතිවල සූරතා සහ අනු සූරතා බෙදී ගියේ ත්‍රවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතරය.කාන්තා තරගවලදී ද හමුදාවන්ට සහ පොලිසියට අමතරව ජයක් ගනු ලැබුවේ හොරණ විද්‍යාරත්න ක්‍රීඩා සමාජය පමණක් වූ අතර ඔවුන් එහිදී බර පංති තුනක සුරියෝ වූහ.නදීකා පුෂ්පකුමාරි,කේඒකේ හංසිකා සහ බී.එස් හේෂානි එසේ දසකම් දැක් වූහ.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan