තානාපති මජින්ත ජයසිංහ හංගේරියාවේදී සිය අක්තපත්‍ර පිළිගන්වයි

Date:

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2022 පෙබරවාරි මස 17 වැනි දින හංගේරියානු ජනරජයේ ජනාධිපති ජැනෝස් ආඩේර් මැතිතුමා වෙත බුඩාපෙස්ට්හි පිහිටි සැන්ඩෝර් මාලිගයේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ අතර එහි දී එතුමා හංගේරියාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අක්ත ගන්වන ලදි.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේදී හංගේරියානු සන්නද්ධ හමුදාවන් විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනැමීම සහ හංගේරියානු ජනරජයේ ජනාධිපති ජැනෝස් ආඩේර් මැතිතුමා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය. මෙම අවස්ථාවේ දී හංගේරියානු ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහය ලැබිණි. නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කොසෝවෝ යන රටවල තානාපතිවරුන් තිදෙනෙක් ද එදිනම හංගේරියාවේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර ප්‍රදානය කළහ.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබ පැතුම් හංගේරියානු ජනරජයේ ජනාධිපතිවරයා සහ හංගේරියානු ජනතාව වෙත පළ කළේය.

මෙම උත්සවයෙන් අනතුරුව, තානාපතිවරයා සහ හංගේරියානු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සැන්ඩෝර් මාලිගයේ ‘බ්ලූ සැලෝන්’ මන්දිරයේ දී හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා-හංගේරියානු විශේෂ සබඳතාවන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර රාශියක් පුළුල් වශයෙන් ආවරණය කර ඇති බව තානාපතිවරයා සඳහන් කළේය. ඉදිරි වසරවලදී ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා වන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා හංගේරියානු විරු චතුරශ්‍රයේ සංචාරය කළ අතර එතුමන් විසින් හංගේරියානු  විරු ස්මාරක වෙත පුෂ්පෝපහාර පිරිනැමීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 පෙබරවාරි 24 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...