ගුඩාෆ්ගෙන් ඓතිහාසික ධාවනයක් – මුල් ස්ථාන පහම ඉතියෝපියාවට

Date:

පෝලන්තයේ පැවති ඕර්ලන් කොපර්නිකස් කුසලාන ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගත් ඉතියෝපියාවේ ගුඩාෆ් ටෙසෙගේ මේ වසරේ ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුණා.ඒ විනාඩි 3:54.77 න් එම ඉසව්ව ජය ගනිමින්.එම කාලය ලෝකයේ එම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාවට පසු වාර්තා වුණු හොඳම කාලය හැටියට සැළකෙන අතර ලෝක වාර්තාව වන විනාඩි 3:53.09 හිමි වන්නේද ගුඩාෆ්ටමයි.

ගුඩාෆ්ට අවුරුදු 17 දී 2014 වසරේ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ මාවතට පිවිසෙන ඇය, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එළිමහන් ධාවන පථයට වඩා මෙතෙක් ගෘහස්ථ ධාවන පථයේ කැපී පෙනෙන ගුඩාෆ් එළිමහන් මීටර් 1500 කාන්තා ඉසව්වේ ලොව හොඳම කාලය වාර්තා කර ඇති ලේඛණයේ 12 වන තැන පසුවෙනවා.නමුත් එහි ලෝක වාර්තාව උසුලන ජෙන්ෂිබී ඩිබාබා ගෘහස්ථ ධාවන පථයේ දැරූ විනාඩි 3:55.17 ගුඩාෆ් ඉකුත් වසරේ බිඳ දැමු අයුරෙන් ඉදිරියේ ද එළිමහන් ලෝක වාර්තාවට ද සමීප වෙන්නට ගුඩාෆ්ට හැකි වෙතැයි ක්‍රීඩා විචාරකයින් විශ්වාසය පළ කරනවා.

ගුඩාෆ් පෝලන්තයේ දී දැක් වූ දස්කම ඇයට පමණක් නොව ඉතියෝපියාවට ද ඉතා වැදගත් වන්නේ ගුඩාෆ්ගේ දක්ෂතාවය නිසාම පමණක් නොවේ.එහි මුල් ස්ථාන දිනු පස් දෙනාම ඉතියෝපියානුවන් වීම නිසයි.හයිලු ලෙම්ලෙම්,හයිලු ෆ්‍රෙවෙයිනි,ඇලෙමු හැබිටාම්,මිශෙශා හිරුට් එහිදී පිලිවෙළින් දෙවන තැන සිට පස්වන තැන දක්වා ස්ථාන දිනා ගනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...