සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ ​දී ශ්‍රී ලංකාව​ට එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්

Date:

සිංගප්පූරුවේ පැවත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ පළමු දිනය වූ අද (පෙබරවාරි 25) ශ්‍රී ලංකාව එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

රන් පදක්කම හිමි වූයේ, පොදු රාජ්‍යමණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රීමාලි සමරකෝන් ටයි.ඇය කිග්‍රෑ 49 බර පංතියෙන් තරග වැද ස්නෙච් ක්‍රමයට කිලෝ 65 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 86 ක් ලෙස මුළු බර කිලෝ 151 ක් ඔසවන්නට සමත් වුණා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ දිලංක ඉසුරු කුමාරයි.ඔහු මුළු බර කිලෝ 238 ක් ඔසවනු ලැබුවා.එය ස්නෙච් ක්‍රමයට 106 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට 132 ක් ලෙස සටහන් වුණා.

RM

ශ්‍රීමාලි
ඉසුරු (දකුණු කෙළවරේ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...