සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ ​දී ශ්‍රී ලංකාව​ට එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්

සිංගප්පූරුවේ පැවත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියේ පළමු දිනය වූ අද (පෙබරවාරි 25) ශ්‍රී ලංකාව එක් රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

රන් පදක්කම හිමි වූයේ, පොදු රාජ්‍යමණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රීමාලි සමරකෝන් ටයි.ඇය කිග්‍රෑ 49 බර පංතියෙන් තරග වැද ස්නෙච් ක්‍රමයට කිලෝ 65 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 86 ක් ලෙස මුළු බර කිලෝ 151 ක් ඔසවන්නට සමත් වුණා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ දිලංක ඉසුරු කුමාරයි.ඔහු මුළු බර කිලෝ 238 ක් ඔසවනු ලැබුවා.එය ස්නෙච් ක්‍රමයට 106 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට 132 ක් ලෙස සටහන් වුණා.

RM

ශ්‍රීමාලි
ඉසුරු (දකුණු කෙළවරේ)