ණය බර ඔබටත් දැනෙනවද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): මේ වන විට රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන 28094.69ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට ආසන්න වී ඇති බවයි.

හතරදෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබා ගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් පනස්ලක්‍ෂ හැටදහසකට වැඩි වී ඇති බවද සඳහන් වේ.

රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසර වන විට පැවතුණේ රුපියල් හය ලක්‍ෂ අනූදහසකට ආසන්න ප්‍රමාණයක් බවත් එය 2021 වසර වන විට රුපියල් ලක්ෂ 08 ඉක්මවා තිබුණු බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙයි.

එහෙත් පසුගිය වසර තුනක කාලයේ දී එම මුදල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන අතර, රටේ මුළු ණය ප්‍රමාණය ගැන සලකා බැලූ විට එය පැවතුණේ රුපියල් බිලියන 13,031ක් වශයෙන් බවද පවසයි.

2020 වසර වන විට එය බිලියන 15,117 දක්වා වැඩිවී තිබුණු අතර 2021 වසර වන විට රුපියල් බිලියන 17,614 දක්වා වර්ධනය වුණු අතර,2022 වසර වන විට ණය ප්‍රමාණය රුපියල් බිලියන 27,492 දක්වා වර්ධනය වී ඇති බවද පෙන්වා දෙයි.

ඒ අනුව පෙනී යන්නේ 2019 වසර වන විට රජය එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 598,000ක් බවත්, 2020 වසර වන විට 690,000 දක්වාත් 2021 වසර වන විට 795,000 දක්වාත් එය වැඩිවී ඇති බවත් ය.

මේ කාලයේ දී ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් වන අතර ඒ වර්ෂයකට වැඩි වී ඇත්තේ රුපියල් ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් ලෙසින්, නමුත් 2022 සහ 2023 වර්ෂ දෙක සලකා බැලූවිට ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙයට අමතරව රජය ජනතාව වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ 50 ඉක්මවන අතරේ ජනතාව ද තනි වශයෙන් මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ඇති බව සඳහන් වන අතර, රත්තරන් බඩු උකස් තැබීම ද විශාල වශයෙන් සිදුකර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට බොහෝ ජනතාව ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...