ගුවන් සේවයේ විශාලතම අභිරහසක් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියා ගුවන් යානය වසර 11කට පසු සෙවීම යලි අරඹයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම අභිරහසක් ඉතිරි කරමින් 2014 මාර්තු මාසයේදී කාර්ය මණ්ඩලය 12 ක් සහ මගීන් 227 ක් සමඟ අතුරුදන් වූ MH370 යානය සම්බන්ධයෙන් සෙවීම වසර 11කට පසු නැවත ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ක්වාලාලම්පූර් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු රේඩාර් පද්ධතියෙන් සම්පුර්ණයෙන්ම අතුරුදන් වූ මෙම යානය සෙවීම සමුද්‍ර ගවේෂණ සමාගමක් වන Ocean Infinity විසින් මෙලෙස ආරම්භ කර ඇති බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය Anthony Loke විසින් අද(26)දිනයේදී විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත.

කෙසේ නමුත්, ගුවන් යානයේ ගමන්ගත් අයගේ පවුල් තවමත් ඔවුන්ගේ ආදරණීයයන්ට සිදු වූ දේ ගැන පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින අතර බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණේ, මෙතරම් දිගු විරාමයකින් පසු නැවත වරක් සෙවීම් නැවත ආරම්භ කිරීම ගැන අපි ඉතා සහනයක් සහ සතුටක් ලබන්න බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...