කියුබානු දේශසීමාවට පැමිණි ඇමරිකානු වේග බෝට්ටුවක් වෙඩිතබා විනාශ කෙරේ; සිවු දෙනෙකු ජිවිතක්ෂයට

0
3

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(25)දිනයේදී එක්සත් ජනපදයේ සිට පැමිණි වේග බෝට්ටුවක් සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී සිවු දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කියුබාවේ උතුරු-මැද විලා ක්ලාරා පළාතේ කයෝ ෆැල්කන්ස් බාධක දූපතට ඔබ්බෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර දූපතේ සිට කිලෝමීටර් 145 ක් හෙවත් සැතපුම් 90 ක් පමණ දුරින් පිහිටි අර්ධද්වීපයක් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් බලපත්‍ර තහඩුවක් ඇති බෝට්ටුවක් පැමිණි බවත්, වේග බෝට්ටුව පළමු වෙඩි තැබීම සිදු කළ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් කියුබානු යාත්‍රාවේ අණදෙන නිලධාරියා තුවාල ලැබු බවත් කියුබාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

කියුබානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම බෝට්ටුව ත්‍රස්තවාදී අරමුණු සඳහා පැමිණි බවත්, බෝට්ටුවේ තිබී මොලොටොව් කොක්ටේල්, වෙඩි නොවදින කබා සහ සැඟවුණු ඇඳුම් අත්අඩංගුවට ගනු ලැබූ බවත් සඳහන් කර තිබේ.

එක්සත් ජනපදය මෙම වෙඩි තැබීම හෙළාදැක ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් ලර තිබුණේ, කියුබානු රජය එක්සත් ජනපදයට හානි කරන සහ තර්ජනය කරන අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

කෙසේ නමුත් එක්සත් ජනපදය සහ කියුබාව අතර පසුගිය මාස දෙක තුළ මතභේදයන් සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර එක්සත් ජනපද කොංග්‍රසයේ ඉල්ලීම් මධ්‍යයේ, ෆ්ලොරිඩාවේ නීතිපති ජේම්ස් උත්මියර්, තම ප්‍රාන්තය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.