*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/26

01. හමුදා වෛද්‍ය විද්‍යාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සෞඛ්‍ය ආපදා තත්ත්ව වලදී සහාය වීම සඳහා හමුදා නිලධාරීන් විදෙස් රටවලට පිටත් කර හැරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

02. අනීතිත හා ව්‍යවස්ථා විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැමීම සහ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය දැක්වීමට අද දින ජනතාව මිලියන ගණනින් කොළඹට ගෙන්වීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසයි – මේ අතර, වෘත්තීය සමිති විසින් 2023 මාර්තු 01 වන දින ජාතික වැඩ වර්ජන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය – ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසාන වූ බැවින් මාර්තු 01 දින සැලසුම් කළ වැඩ වර්ජනය එලෙසම පැවැත්වීමට කටයුතු කරන බව ඉහළ මට්ටමේ වෘත්තියකයන්ගේ සංගමය පවසයි.

03. පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් විපක්ෂ මන්ත්‍රිනී රෝහිණී විජේරත්නට අසැබි වචනයෙන් බැණ වදින අයුරු කැමරා කාචයේ සටහන් වෙයි – අමාත්‍යවරයාගේ ක්‍රියාව තරයේ හෙළා දකින ක්‍රියාධරයහු ඊට සමාව අයැදීමට ඔහු කටයුතු කළ යුතු බව පවසති – කාන්තාවන්ට නිදහසේ අපහාස කිරීමට පිරිමින්ට ඉඩ සලසා දෙන පුරුෂ මූලික පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වහා ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතු බව ද පෙන්වා දෙති.

04. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජිකා ආයතනය වැනි සංවර්ධන නියෝජිතායතන තම සහාය ලබා දීමට එකඟ වෙයි: මෙම සහාය අතර; ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ලබා දීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් සිදු කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කර ගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන සිදු කිරීම, සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබා දීම ආදිය ඇතුළත් වෙයි.

05. රජය විසින් සිදුකළ යුතුව තිබූ ගෙවීම් වලින් සියයට 53 ක් ඉකුත් මාස කිහිපය තුළ ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – මේ සඳහා රු. බිලියන 191 ක් වෙන් කළ බවත්, ඉදිරියේ දී ප්‍රතිසංස්කරණ හා ප්‍රාග්ධන වියදම් සඳහා තවත් කොටසක් වෙන් කිරීමට අවශ්‍ය බවත් පවසයි.

06. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඩුබායි වෙත පලා යාමට තැත්කළ පුද්ගලයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට අසමත් වීම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ඊට අනුයුක්ත සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වෙයි – අදාළ සැකකරු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවට විශ්වාස කෙරෙන අතර, ඊට අදාළව විදෙස් ගමන් තහනමකට ද ලක්වූ පුද්ගලයෙකි.

07. ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයකු වන මාර්ටින් රේසර් දිවයිනට පැමිණෙයි – ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ලබාගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කර ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් මෙරටට පැමිණ ඇති නියෝජ්‍ය සභාපතිවරයා, මාරවිල, හලාවත ප්‍රාදේශීය රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට නියමිත බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුණාත්මක සේවා ලබාදීමට ලෝක බැංකුවේ සහාය ලබාදීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීමට නියමිත බවත් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

08. 2022 මැයි 09, 10 ආදී දිනවල හටගත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හමුවේ මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය වගකීම් පැහැර හැර ඇති බව එම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ නාවික හමුදා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුව නිගමනය කරයි – කමිටුවේ රෙකමදාරු අභියාචනාධිකරණය වෙත යොමුකරයි.

09. SLT මොබිටෙල්, VMware Inc. සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම VCF Cloud Deployment සහ ද්විත්ව VCF Cloud පද්ධතිය දියත් කිරීමට කටයුතු කරයි – මෙමඟින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් කඩිනම් කිරීම සඳහා පාරිභෝගිකයින්ට ඉහළම මට්ටමේ තාක්‍ෂණික විශේෂඥතාව, විශ්වසනීයත්වය සහ ආරක්‍ෂාව සැපයීමට තමා කැපවන බව ද එම සමාගම පවසයි – VMware යනු සියලුම යෙදුම් සඳහා බහු-ක්ලවුඩ් සේවා සපයන, ව්‍යවසාය පාලනය සමඟ ඩිජිටල් නවෝත්පාදනය සක්‍රීය කරන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකි.

10. දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන් හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් කළ පරීක්ෂණයකදී අනාවරණය වෙයි – දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇති වී ඇති බලපෑම සම්බන්ධයෙන් තෙත් කලාපයේ ගම්මාන 600ක පමණ ගොවිජනතාව හමුවී වසර එක හමාරක පමණ කාලයක් පුරාවට සිදුකළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වූ බව එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan