ජාතික ජන බලවේගයේ විරෝධතා පාගමන කොළඹ ගොඩනැඟිලි කිහිපයකට ඇතුළු වීම වළකාලමින් අධිකරණ නියෝගයක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ජාතික ජන බලවේගය විසින් අද (26) දින කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතා පාගමන කොළඹ ප්‍රදේශයේ ගොඩනැඟිලි කිහිපයකට ඇතුළු වීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ජාතික ජන බලවේගයේ නායක පා.ම. අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට අද ප.ව. 1 සිට ප.ව. 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අයත් මාර්ගවල අවහිරතාවයක් ඇතිවන පරිදි විරෝධතා පැවැත්වීම සහ ගොඩනැඟිලි කිහිපයකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම ගොඩනැඟිලිවලට මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය ඇතුළත් ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව විසින් නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සහ එමඟින් ජනතාවගේ හිමිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පාමින් ජනතාව කොළඹට ඒකරාශී කර විරෝධතාවයේ නියැලෙන බව ජාතික ජන බලවේගය විසින් ඊයේ (25) දින ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...