බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ හලක් වටලයි!

0
277

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW): පුත්තලම පොලිස් වසමේ අංක 01, උඩය වීදිය, පුත්තලම ලිපිනයේ දී වැටලීමකදී, බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ හලක් සමඟ එහි හිමිකරු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහි දී  බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන ලද ඖෂධ හලක් වටලා එහි ගබඩා කර තිබු ඖෂධ වර්ග 144 ක් සමඟ සියළුම ඖෂධ සහ හිමිකරු වන වයස අවුරුදු 33 ක පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික ඹෟෂධ හා නියාමන අධිකාරියේ නිලධාරින් වෙත භාර දී තිබෙන බව සඳහන් වේ.