කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් බව සඳහන් වේ.

ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.