ඉසුරුපාය ඉදිරියේ උද්ඝෝෂණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW):අද (26) දින ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී එහි සේවකයන් උද්ඝෝෂණයක් සිදුකළ අතර, ඒ එම දෙපාර්තමේන්තුවේ ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගේ ක්‍රියාකලාපයට එරෙහිව බව වාර්තා වේ.

ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකු අවිධිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කරමින් එම සේවකයන් කෑම පැයේ දී උද්ඝෝෂණයක් සිදුකළ අතර, ඒ හේතුවෙන් විභාග පරීක්ෂකවරුන්ගේ ගෙවීම් ප්‍රමාද වීම / විභාග සදහා සම්බන්ධ වන සෙසු නිලධාරින් අපහසුතාවට පත්වීම සිදුව ඇති බවට ද ඔවුන් පෙන්වා දෙති.

උද්ඝෝෂකයින් චෝදනා කළේ, අවස්ථා කිහිපයක දී මෙම කොමසාරිස්වරුන්ට ස්ථාන මාරුවීම් ලැබි තිබුණ ද පෞද්ගලික හිතවත්කම් යොදා ගනිමින් ඒවා අහෝසි කර ගන්නා බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...