චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන්න චීනයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා. පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 870 ක යුද ආධාර ද ඊට ඇතුළත්.

ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි චීනය පවසන්නේ.

එබැවින් තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන ලෙසත් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය හා ස්ථාවරත්වය විනාශ නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව සමීපව අවධානය යොමු කරමින් චීනය සිය රටේ ස්වාධිපත්‍යය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...