තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්?

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ (LNW):

තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත 15%ක බද්දක් පැනවීම හේතුවෙන් සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

මෙවැනි තීරණ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක්ද ඇති බව, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා සඳහන් කළේය. මෙම තීරණය හේතුවෙන් මෙතෙක් රටට පැමිණි ඩොලර් ආදායමද අහිමි වනු ඇති බව ඔහු පැවසුවේය.

තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත 15% ක බද්දක් අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව පැවසූ අතර, ආණ්ඩුව පවසන්නේ මීටත් වඩා ඉහළ බදු ප්‍රතිශතයක් යෝජනා වී තිබූ බවත් මෙම බද්ද අනිවාර්යයෙන්ම අය කිරීමට සිදුව ඇති බවත්ය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ සාමාන්‍ය පුරවැසියෙක් 36% දක්වා ආදායම් බදු ගෙවද්දී ඩිජිටල් සේවා සපයන්නන්ට යම් සහනයක් ලබා දී ඇති බවයි.

සාමාන්‍යයෙන් ආදායම රුපියල් එක් ලක්ෂ 50,000ට වඩා වැඩි නම් පළමු රුපියල් 85,000ට 6%කුත් ඊළඟ රුපියල් 43,000ට 18%කුත් ලෙස ඉදිරි ආදායම් සඳහා සියයට 36ක් දක්වා බදු ගෙවීමට යටත් වනවා. එහෙත් මෙලෙස බදු අය කරන්නේ සේවා අපනයනයේදී උපයන ලද ආදායම හැර සෙසු ආදායමට බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
 දැනට ඩිජිටල් සේවාවක් අපනයනය කර මාසයට රුපියල් එක් ලක්ෂ 50,000ක් උපයන්නේ නම් එයට බදු අය කිරීමක් සිදු නොවන අතර, එය ඉක්මවන ඉතිරි ඕනෑම ආදායම් ප්‍රමාණයකට ගෙවිය යුත්තේ උපරිමව 15%ක් පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...