ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!

කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් වොෂින්ටනයේදී එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ චීන හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව එම සභාව මෙම නව නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

එම නිවේදනයට අනුව, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත අතිරේක තීරුබදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාවේ තීරණය වෙනස් කර, 24%ක අතිරේක තීරුබදු අනුපාතය තවත් මාස දෙකකට අත්හිටුවා ඇති අතර, 10%ක අතිරේක තීරුබදු අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. 2026 වසරේ නොවැම්බර් 10 වැනිදා සිට එය බලාත්මක වනවා.

චීනයේ මෙම පියවර චීනය සහ ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවරව සහ ධනාත්මකව වර්ධනය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්වැලි මහා සෑය අසල පැවති සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ලෝලියෙක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කස්සප හිමි සමඟ සිටියදී...

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වාර්තාගත ලාභයක්!

කොළඹ LNW:සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය මාස නමයක කාලය තුළ...

ග්‍රාමීය සංවර්ධනය තනි ඒකාබද්ධ සැලැස්මකින් ක්‍රියාත්මක කළ යුතුයි – ඇමති උපාලි පන්නිල

කොළඹ LNW:වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන් ප්‍රධාන අරමුණු තුනක් යටතේ...

එංගලන්තයේ ප්‍රදේශ රැසකට ඝන මීදුම් අනතුරු ඇඟවීමක් – රථවාහන සහ ගුවන් ගමන්වලටත් බාධා

සටහන – පුලීනොවැම්බර් 09, LNW (කොළඹ): එංගලන්තයේ සහ වේල්සයේ නැගෙනහිර...