ජාතික ජන බලවේගය ඊයේ (26) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය විසින් එල්ල කළ ප්රහාරය අතරතුර තුවාල ලැබූ එක් අයකුගේ තත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ආරංචිමාර්ග පවසයි.
ඒ පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සඳහන්.
ඊයේ පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කළ අතර එහිදී තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
RN