Friday, February 3, 2023
spot_img

Latest Posts

අප්‍රිකානු රටවල ආදායමෙන් වැඩි කොටසක් දේශගුණික අර්බුදයන්ට වියදම් කරයි

අප්‍රිකානු රටවලට වසරකට ඩොලර් බිලියන ගණන් වියදම් කිරීමට සිදුවන දේශගුණික අර්බුදයේ ප්‍රතිවිපාක නිමක් නාමැත. එම වියදම එම කලාපයේ ඌණ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැය කල හැකි වූවත් තත්වය එසේ නොවේ.

මෙනිසා එම කලාපයේ රටවල් තව තවත් ගැඹුරු දරිද්‍රතාවයකට තල්ලු කර ඇත.

දැඩි වියළි කාලගුණික තත්ත්වයන් සමඟ කටයුතු කිරීම සඳහා ඉතියෝපියාවේ පමණක් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට ආසන්න මුදලක් වැය වන අතර, එය ජාතික ආදායමෙන් සෑම ඩොලර් 20ක් සඳහාම දේශගුණික හානිය අලුත්වැඩියා කිරීමට ඩොලර් 1කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සමාන වන බව The thinktank Power Shift Africa ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව තහවුරු කරගෙන ඇත.

මෙම අනතුරු ඇඟවීම පැමිණෙන්නේ දේශගුණ විද්‍යාව පිළිබඳ ගෝලීය අධිකාරිය වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය එලිදැක්වීමට නියමිත, ( the Intergovernmental Panel on Climate Change)ප්‍රධාන විද්‍යාත්මක වාර්තාවට මොහොතකට පෙරය .

මෑත දශක කිහිපය තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති හෙයින් සහ වියළි කාලගුණයේ බලපෑම ලොව පුරා වඩාත් පැහැදිලිව පෙනෙන බැවින්, යටිතල පහසුකම් සහ කලාපීය මානව ප්‍රජාවන් වඩාත් ඔරොත්තු දීමේ තත්වයන් සංකුල වී ඇත.

ලෝක දේශගුණික අර්බුදය තුලදී අප්‍රිකානු කලාපය දරුණුතම බලපෑමට ලක් වූ කලාපයන්ගෙන් එකකි.

අප්‍රිකානු රටවල් සිය කලාපීය දේශගුණික බිඳවැටීම් වලට අනුවර්තනය වීමට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක සාමාන්‍යයක් වැය කරයි.

මෙම රටවලට හරිතාගාර වායු විමෝචනය , සංවර්ධිත රටවල හෝ චීනය වැනි විශාල නැඟී එන ආර්ථිකකලාපයන් තරම් නොවූනත්, කාගුණයෙන් පීඩා විඳින ලෝකයේ දුප්පත්ම ජනතාව ඔවුන්ය.

එසේම මෙම කලාපයේ පුරවැසියන් වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 0.2 ක් පමණ සඳහා වගකිව යුතු අතර එයට සාපේක්ෂව එක්සත් ජනපද පුරවැසියන් 80 ගුණයකින් වැඩි ප්රමාණයක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ජනනය කරයි.

දිළිඳු රටවලට මෙසේ පවතින දේශගුණික අර්බුදයට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා දැනට ලබාදෙන මුදල් දෙගුණ කිරීමට Cop26 UN දේශගුණ සමුළුවේදී පොරොන්දු වූ අතර, සංවර්ධිත රටවලින් වැඩි අරමුදලක් ලබා දෙන ලෙස Power Shift Africa ආයතනය ඉල්ලා සිටියේය.

දුප්පත් රටවලට හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට සහ දේශගුණික බිඳවැටීමේ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා වසරකට ඩොලර් බිලියන 100 ක් ලබා දීමට පොහොසත් රටවල් 2009 දී පොරොන්දු විය.

නමුත් මේ වන විට ඔවුන් එම ඉලක්කයට සාධනීය අගයක් එක්කර නොමැති අතර, ලබා දී ඇති අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් එම රටවල් සුළං ගොවිපල සහ සූර්ය පැනල වැනිව්‍යාපෘති වෙත යෙදවා ඇත.

ඉතියෝපියාව, කෙන්යාව, ලයිබීරියාව, සියෙරා ලියොන්, දකුණු අප්‍රිකාව, දකුණු සුඩානය සහ ටෝගෝ යන අප්‍රිකානු රටවල් හතක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද ජාතික අනුවර්තන සැලසුම් අධ්‍යයනයෙන් මෙය විමර්ශනය කරන ලදී.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.