උෂාන් සෙන්ටි මීටරයක් ගාණ උස්සයි

Date:

මේ වන විට ශ්‍රී ලංකාවේ එළිමහන් උස පැනීමේ සහ ගෘහස්ථ උස පැනීමේ ජාතික වාර්තා උසුලන උෂාන් තිවංක පෙරේරා යළිත් වරක් දක්ෂතා අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා ගෘහස්ථ උස පැනීමේ වාර්තාව සෙන්ටි මීටරයක් ඉහළට ගෙන යමින් එය මීටර් 2.27 ක් බවට පත් කරන්නට සමත් විය.

ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් හී ටීඒඑම්යූ කොමර්ස් නියෝජනය කරමින්, ලුබ්කොක් කාර්ය සාධන මධ්‍යස්ථානය පදනම් කර ගනිමින් පැවත්වෙන ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේදී මෙම වාර්තාව සපුරා ගැනීම සඳහා උෂාන් වැය කරන්නේ පිමි හයක් පමණි.සාමාන්‍යයෙන් මීටර් 1.90 සිට ඇරඹි උස පැනීමේ ඉසව්ව උෂාන් ආරම්භ කරන්නේ මීටර් 2.08 මූලික උස බවට පත්කර ගෙනය.එතැන් සිට මීටර් 2.14 දක්වා පිමි තුනකින් පිවිසෙන උෂාන් යළි මීටර් 2.17 ක් උස නො’පැන අත් හැර දමන්නේය.ඉනික්බිත් මීටර් 2.20 ක උසට පිවිසෙන උෂාන් එය පළමු උත්සාහයෙන්ම සාර්ථක කර ගැනීමෙන් පසුව ජයග්‍රහණය සහතික කර ගන්නේය.

අනතුරුව ඔහුගේ කැමත්ත වූයේ පැවති ඔහුගේම මීටර් 2.26 වාර්තාව අභිබවා යාමය.මීටර් 2.27 ක් එම අභියෝගයට එකවරම මුහුණ දෙන්නට කැමත්ත පළ කරන උෂාන් අතින් එම උස තරණය පළමු අවස්ථාවේදී මඟ හැරෙන්නේය.නමුත් අප්‍රතිහත දිරියෙන් සිය දෙවන උත්සාහය සාර්ථක කර ගැනිමෙන් වාර්තාවේ උස සෙන්ටි මීටරයකින් ඉක්මවා යාමෙන් සෑහිමකට පත් වෙන උෂාන් ජයග්‍රාහකයා ලෙස තරගය නිමා කරන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...