දේශබන්දුගේ පත්වීම ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්. කථානායකටත් දොස් !

Date:

දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා තිබුණු යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිනොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය නමුත් මෙම සිදුවීමේදී ඡන්දය ප්‍රකාශ වී තිබුණේ පක්ෂව 4ක්, විපක්ෂව 2ක් සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම් 2ක් වශයෙන් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව දෙවැනි වතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවත් කථානායකවරයාගේ ක්‍රියාකලාපය ලැජ්ජාසහගත බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...