“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක්

Date:

ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී තිබෙන කොන්දේසි සහිත අවසර පත්‍ර හෝ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරගැනීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා ඉල්ලුම්කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (26) දිනයේදී මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354600/ 0114 354601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා ඇත.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ගොවි හා අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී තිබෙන ඉඩම් මේ සඳහා ඇතුළත් වේ.

මෙම ඉඩම් එම ජනතාවටම සින්නක්කරව භුක්ති විදීමේ අයිතිය ලබා ගැනීමට මෙමඟින් හැකි වනු ඇත.

www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබේ.

බාසුරු ජයවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...