කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ගැසට් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි එය ගැසට් මගින් පළ කර ඇත.
කෙසේවෙතත් මෙම පනතටද විපක්ෂ දේශපාලන කණ්ඩායම ඇතුළු ඇතැම් සිවිල් සංවිධාන, මානව හිමිකම් සංවිධානවලින් විරෝධයක් එල්ල වූයේ පවතින පනතට වඩා භයානක බව පෙන්වා දෙමිනි.


