සෞඛ්‍ය සමිතිවල ඉල්ලීම් සාධාරණයි. හැබැයි දීර්ඝ වැඩවර්ජනවලට මේ මොහොතේ අපි එකඟ නෑ – NPP නලින්ද

Date:

වැටුප් වැඩිකිරීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ නමුත් දීර්ඝ කාලීනව ඇදෙන වැඩවර්ජනවලට මේ මොහොතේදී තම පක්ෂය එකඟ නැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“දේශපාලන පක්ෂයක් වශයෙන් අපි ඉතාම සැලකිලිමත් වෙනවා මෙවැනි මොහොතකදී වැඩවර්ජනවල තියෙන බලපෑම පිළිබඳව. ඕනෑම වැඩවර්ජනයක් අපි කොහොම කිව්වත් ඒකෙන් පීඩාවට පත්වෙන්නෙ සාමාන්‍ය ජනතාව. එතකොට දැන් ආණ්ඩුව විසින් මේ ජනතාව වුවමනා තරම් පීඩාවට පත්කරලා තියෙන්නෙ. ආණ්ඩුව මේ ජනතාව කබලෙන් ලිපට වට්ටලා තියෙන අවස්ථාවක්. ඒ නිසා පක්ෂයක් හැටියට අපි අතිශය සැලකිල්ලට ගන්නවා ඒ වැඩවර්ජනවල ස්වභාවය පිළිබඳව. සමහර වෘත්තීය සමිති සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වුණත් අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාත්මක කරන්න යනකොට අපි අපේ ස්ථාවරය කියලා තියෙනවා මේක බැරිද අපට සංකේත වැඩවර්ජනයකින් දවසකින් දෙකකින් නතර කරගන්න බැරිද කියලා. අපි ඒ පැත්තට බර තියන්නෙ ජනතාවට වෘත්තීය සමිති හරහා පීඩාවක් නොදිය යුතුයි කියන කාරණය මත. නමුත් මේ වෘත්තීය සංගම්වල ඉල්ලීම් සාධාරණයි. වෘත්තිකයින් හැටියට ඔවුන්ට අවශ්‍ය නම් විදෙස් රටකට ගිහිල්ලා හොඳ වැටුපක් අරගෙන සේවය කරන්න පුළුවන්. නමුත් ඒ අය මේ රටේ ඉන්නවා. දැන් සමහර රෝහල්වල මේ මානව සම්පත් හිඟය නිසා ඩබල් සියුටි කරන්න සිද්ධ වෙනවා. එහෙම තිබියදී මේ ගහලා තියෙන අධික බද්ද විසින් තමයි මේ තත්වය නිර්මාණය කරලා තියෙන්නෙ.

ඔවුන්ගෙ ඉල්ලීම සාධාරණයි, වැටුප් වැඩිවීම. ඒ වැටුප් වැඩිකිරීමේදී වෛද්‍යවරුන්ට වැටුප් වැඩිකරන්න පුළුවන් ආකාරයක් තමයි ඔය ඩැට් එක වැඩිකිරීම. වෛද්‍යවරුන් ඩැට් එක වැඩිකරන්න ඉල්ලුවෙ නෑ, ඔවුන් ඉල්ලුවෙ බදු අඩුකරන්න කියලා. නමුත් ආණ්ඩුවෙ පැත්තෙන් මේ ඩැට් එකෙන් යම් මුදලක් වැඩිකරලා දුන්නා. ඒ වගේම වෛද්‍යවරුන්ට විතරක් නෙවෙයි අනෙක් අයටත් මේ වැටුප් වැඩිවීමක් ඕනෙ, සෞඛ්‍ය ක්ෂේත්‍රය විතරක් නෙවෙයි රටේ හැමෝටම වැටුප් වැඩිවීමක් ඕනෙ. එනිසා මේ ඉල්ලීමේ සාධාරණත්වය පැත්තේ අපි ඉන්නවා. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය දිහා බලපුවාම මේක ඇතුළෙ යම්කිසි ආකාරයක වෘත්තීය සමිති අතර කෙටවීමක්, එකම රෝහලේ වැඩකරන ඒ ඒ ක්ෂේත්‍ර අතර විරසක කිරීමක් ඇතිකිරීමේ දේශපාලන වුවමනාවක් තිබ්බාද කියන සාධාරණ සැකයක් අපට එනවා. එනිසා මම වෘත්තීය සමිතිවලට කියන්න කැමතියි ඔබගේ ඉල්ලීම සාධාරණයි වගේම මේ සමහර සිදුවීම් පසුපස තියෙන දේශපාලනය තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා. මොකද අපට ලොකු වගකීමක් තියෙනවා ආණ්ඩුව මොන කුමන්ත්‍රණ කළත් මේ රටේ ජනතාව පීඩාවට පත් නොකර අයිතිවාසිකම් දිනාගන්න පැත්තට අවධානය යොමුකරන්න”

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...