70% වැටුප් වැඩිවීමක් සමඟ මහබැංකුව නටන අලුත්ම තොවිලය!

Date:

සටහන – PULI

පෙබරවාරි 27,
කොළඹ (LNW):පාර්ලිමේන්තු හෝ කළමනාකරණ සේවා අනුමැතියකින් තොරව 70% වැටුප් වැඩිවීමක් සමඟ දැන් ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් ඉතිහාසයට අලුත් පන්නරයක් ලබා දී තිබේ.

එකළ ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී, කැබිනට් අනුමැතියකින් තොරව ණය පැහැර හැරීමට මහබැංකු අධිපතිවරයා ඒකපාර්ශ්වික තීරණයක් ගත්තේය.

පසුව පොලී අනුපාතවල දැවැන්ත වැඩිවීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පාහේ විනාශ වූ අතර ව්‍යාපාර කිහිපයක් බංකොලොත් විය. මේවාට වඟකිව යුත්තේ කවුරුද?

මහ බැංකු සේවකයන්ගේ සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් මේ වන විට මතභේදයක් මතුව ඇති අතර, පාර්ලිමේන්තු අධීක්‍ෂණයකින් තොරව එවැනි වැටුප් වැඩි කිරීමේ නීතිමය පදනම සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් මහ බැංකුවෙන් ඉල්ලා ප්‍රමුඛ පාර්ලිමේන්තු කමිටුවක් පියවර ගෙන තිබේ.

පසුගියදා මහ බැංකු නිලධාරීන් සහභාගි වූ කමිටු සැසිවාරයේදී වැටුප් වැඩිවීම පිළිබඳ කනස්සල්ලක් පළ වූ බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කළේය.

මේ හා සම්බන්ධ වාර්තාව ලබාදීමට මහ බැංකුවට අවසන් දිනයක් ලබාදී ඇති අතර, ඉන් අනතුරුව වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා බැංකුව සහ එහි මුදල් මණ්ඩලය යන දෙකම අධීක්ෂණ කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ 70% ක වැටුප් වැඩිවීම සදාචාර විරෝධී බව හෙළා දකිමින් කමිටුවේ අතෘප්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වලේබොඩ මහතා වැඩිඩුරටත් අවධාරණය කළේය.

මහ බැංකුවේ මෙම තීරණයට පාර්ලිමේන්තු අනුමැතියක් නොමැති බවත් පවතින නීති උල්ලංඝනය කරන බවත් ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන චරිත මේ පිළිබඳ විවේචනාත්මක අදහක් පළ කර තිබිණි.

නිහාල් ෆොන්සේකා වැනි විශ්‍රාමිකයින් ප්‍රමුඛ මූල්‍ය මණ්ඩලය මෙම දැවැන්ත වැඩිවීම අනුමත කර ඇත්තේ රට අධික බදු සහ වැට් බද්ද සමඟ පොරබදමින් සිටින මොහොතකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...