බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් බදු දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW):ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත, බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියේ පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60 ක ඉඩම් කොටස ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ 10 අශෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මගින් දීර්ඝ කාලීන බඳු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...