*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශූරයෝ නාත්තණ්ඩිය දම්මිස්සරයෙන් – ශූරියෝ මහව විජයබාවෙන්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): පාසල් වොලිබෝල් සංගමය විසින් පෙබරවාරි 25 සහ 26 දෙදින තුළ ආණමඩුව කන්නංගර විද්‍යාලයේ සංවිධානය කර පැවත් වූ වයස 14න් පහල බාලක බාලිකා සමස්ථ ලංකා වොලිබෝල් තරගාවලියේ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් දිනා ගත්තා. බාලිකා සූරතාවය දිනා ගන්නට මහව විජයබා විද්‍යාලය සමත් වුණා.

ප්‍රථම ස්ථානය දිනාගත් මහව විජයබා ජාතික පාසල

බාලක අවසන් තරගයේදී ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය ලකුණු 25- 9/20-25/15- 13 ලෙස ප්‍රබල තරගයකින් පසු පරාජය කර ජයග්‍රහණය ලබා ගන්නට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමත් වුණා .බාලිකා අංශයේ ශූරතාවය මහව විජයබා ජාතික පාසල දිනාගත් අතර ,ලකුණු 25-18 /25-19 මලියදේව ආදර්ශ විද්‍යාලය ඔවුන් වෙතින් අවසාන තරගයේදී පරාජයට පත් වුණා.

බාලිකා අවසන් පූර්ව තරග වලදී ධම්මිස්සර ජාතික පාසල සහ මලියදේව ආදර්ශ විද්‍යාලය අතර පැවැති තරගයෙන් මලියදේව ආදර්ශ විද්‍යාලය වට 2/0 ලෙස ජය ගනු ලැබුවා.දෙවන අවසන් පූර්ව තරගය ඉඹුලාන මහා විද්‍යාලය සහ මහව විජයබා ජාතික පාසල අතර පැවැති අතර එම තරගය තරග වට 2/0ලෙස මහව විජයබා කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වුණා.බාලිකා අංශයේ තුන්වැනි ස්ථානය, ඉඹුලාන විද්‍යාලය පරායට පත් කළ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලය විසින් දිනා ගනු ලැබුවා.

අනූ සූරතාවය මලියදේව ආදර්ශ විද්‍යාලය

බාලක අවසන් පූර්ව තරගවලදී ඉඹුලාන මහා විද්‍යාලය සහ ධම්මිස්සර ජාතික පාසල අතර පැවති තරගයෙන් තරග වට 2/0 ලෙස ධම්මිස්සර ජාතික පාසල ජයග්‍රහණය කරනු ලැබුවා.දෙවන අවසන් පූර්ව තරගය ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති අතර,එහිදී වට 2/0ලෙස ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ජය ගනු ලැබුවා.

බාලක සූරතාවය නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලය


මෙම තරගාවලියේ 3වන ස්ථානය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය පරාජයට පත් කළ, ඉඹුලාන මහා විද්‍යාලය විසින් දිනා ගන්නට සමත් වුණා .

බාලක අනු සූරතාවය ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan