තනි සිංහයා අන්තිම අටට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ මේ වන විට අපරාජිත එකම නියෝජනය වන විරේන් නෙත්තසිංහ සිය තෙවන ජය ද වාර්තා කරන්නට සමත් වුණා.මේ තරගාවලිය ඇසුරේ අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව සහභාගිවන ක්‍රීඩකයින් අතරින් හතරවැනි තැනට සිටින විරේන් දැන් තරගාවලියේ අන්තිම අට දෙනා අතරට පිවිස සිටින්නේය.


විරේන් මේ ජයග්‍රහණ වාර්තා කළේ ආසියානු බැඩිමින්ටන් සංස්කෘතිය තුළ ඉදිරියෙන් සිටින රටවල් නියෝජනය කරන ලද ක්‍රීඩකයින්ය.පළමුව ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකුද,දෙවනුව ඉන්දීය ක්‍රීඩකයෙකුද පරාජයට පත් කළ විරේන් තෙවන තරගය ද වට 2-1 ක් ලෙස ක්‍රීඩා කර මැලේසියානු ක්‍රීඩකයෙක් පරාජය කරන්නට සමත් විය.
එම තරගයේ දෙවන වටයේදී විරේන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ මැලේසියාවේ ඔන්ග් ෂෙන් යී එම වටය 21 -18 ක් ලෙස ජය ගැනීමට සමත් විය.සිඳු වූ සුළු අත්වැරදි සමඟ දෙවන වටයේ දී ලකුණු 7 ක් පමණක් වන තෙක් පෙරමුණ ගෙන සිටි විරාන් මද පසුබෑමක් පෙන් වූ අතර ඒ නිසා එම වටය ලකුණු 21 -19 ක් ලෙස ඔන්ග් ෂෙන් ජය ගැනීමට සමත් විය.


එම තරගයේ මුළු ලකුණු සටහන 21-19,18-21,21-13 ලෙස විය.එසේම තරගය පැයකුත් විනාඩි 10 ක කාලයක් තිස්සේ පැවත්විණි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...