තනි සිංහයා අන්තිම අටට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ මේ වන විට අපරාජිත එකම නියෝජනය වන විරේන් නෙත්තසිංහ සිය තෙවන ජය ද වාර්තා කරන්නට සමත් වුණා.මේ තරගාවලිය ඇසුරේ අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව සහභාගිවන ක්‍රීඩකයින් අතරින් හතරවැනි තැනට සිටින විරේන් දැන් තරගාවලියේ අන්තිම අට දෙනා අතරට පිවිස සිටින්නේය.


විරේන් මේ ජයග්‍රහණ වාර්තා කළේ ආසියානු බැඩිමින්ටන් සංස්කෘතිය තුළ ඉදිරියෙන් සිටින රටවල් නියෝජනය කරන ලද ක්‍රීඩකයින්ය.පළමුව ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකුද,දෙවනුව ඉන්දීය ක්‍රීඩකයෙකුද පරාජයට පත් කළ විරේන් තෙවන තරගය ද වට 2-1 ක් ලෙස ක්‍රීඩා කර මැලේසියානු ක්‍රීඩකයෙක් පරාජය කරන්නට සමත් විය.
එම තරගයේ දෙවන වටයේදී විරේන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ මැලේසියාවේ ඔන්ග් ෂෙන් යී එම වටය 21 -18 ක් ලෙස ජය ගැනීමට සමත් විය.සිඳු වූ සුළු අත්වැරදි සමඟ දෙවන වටයේ දී ලකුණු 7 ක් පමණක් වන තෙක් පෙරමුණ ගෙන සිටි විරාන් මද පසුබෑමක් පෙන් වූ අතර ඒ නිසා එම වටය ලකුණු 21 -19 ක් ලෙස ඔන්ග් ෂෙන් ජය ගැනීමට සමත් විය.


එම තරගයේ මුළු ලකුණු සටහන 21-19,18-21,21-13 ලෙස විය.එසේම තරගය පැයකුත් විනාඩි 10 ක කාලයක් තිස්සේ පැවත්විණි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පාකිස්තානයේ කයිබර්...

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!